බැසිල්ට බරපතල චෝදනාවක්.. කෝටි පහලොස්දාහස් අවභාවිත කරලා..
May 9, 2022 at 3:20 am | lanka C news
දිවිනැගුම පනත හරහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ පෞද්ගලික බුදලයක් වශයෙන් සමෟද්ධි ව්‍යාපාරය ලියාගත් බවත් එම ව්‍යාපාරයට රුපියල් කෝටි දහ පහලොස් දහසක් අවභාවිතා කරමින් සමෟද්ධි ව්‍යාපාරය සම්පූර්ණයෙන් බංකොලොත් කොට ඇති බවත් සමෟද්ධි වෘතීය සේවක සංගමය චෝදනා කර සිටී.
මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් සමෟද්ධි වෘතීය සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක සහ මාධ්‍ය ප්‍රකාශක කීර්ති බණ්ඩාර මහතා ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .
“පසුගිය මහ මැතිවරණයේදී විමල් වීරවංශ මහතා විපක්ෂයට චෝදනාවක් එල්ල කරමින් මහ බැංකුව මංකොල්ල කෑ අය නැවත ගෙන ආවොත් සමෟද්ධි බැංකුව මංකොල්ල කන බවට චෝදනාවක් කළා . එහෙත් එසේ චෝදනා කළ අයම අද සමෘද්ධි බැංකුව කොල්ල කා හමාරයි .
පසුගිය කොරෝනා සමයේ රුපියල් 5000 මුදල් ගත්තේ සමෟද්ධි බැංකුවෙන්. ඒ මුදල් බෙදා හැරියේ රජයේ ගෞරවය රැක ගන්නයි . නමුත් ඒවා සුදුස්සන්ට ලැබුණෙත් නැහැ . ඒවා ලැබුණේ කෝටිපතියන්ට. මේ මුදල් විසිපන් ලක්ෂයක් වූ අහිංසක මිනිසුන් විසින් ඉතුරු කර සමෘද්ධි බැංකුවේ තැන්පත් කොට තිබූ මුදල්. එ් මුදල් වලට සිදු වූ දේ පිළිබඳව තාම ගනුදෙනුකරුවන් දන්නේ නැහැ . මේ මජර දේශපාලනයත් සමඟ සමෟද්ධි බැංකුවත් අවසන් ගමන් ගිහින් තිබෙනවා.
සමෟද්ධි බැංකුව බංකොලොත් කළ අය අද වන විට ජනාධිපතිවරයා ගේ පුටුව අස්සේ රිංගා ගෙන සර් යන්න එපා, සර් යන්න එපා, කියමින් සිටිනවා . සිංහාසනය ගිනිගන්නා විට එය නිවවා වෙනුවට ඉන් ගිනි තපිමින් සිටිනවා”
ෂේන් සෙනෙවිරත්න
– අද
ඒකේ ලොකුම පරිහරනය කරනා දේසපාලුවා.
ඊට පසු පරිපාලන නිලධාරීන්.
ඉන්පසු මහජනයා.
ජනසවිය පටන්ගත්තෙ බූරු පියානෝ. ඒකෙ නම් වෙනස් කෙරුවෙ චෞර රැජින. ඒකෙන් හම්බ කෙරුවේ සූකර බංඩා දිසානායක සහ කපුටු කාක් කාක් බැසිල් බැසිල්.
මොන හවුල්කාර ආණ්ඩු හැදුවත් වැඩක් නැහැ වැඩකට නැති රජයේ ඉහල නිලධාරී සෙට් එක රෙද්ද අස්සට දමාගෙන, රජයේ සේවයෙත් ඉන්න හොරු එලවා දමා හොඳ සෙට් එකක් හදුනාගත යුතුයි. රජයේ නිලධාරීන් දන්නවා කවුද රගන්නේ කවුද වැඩ්ඩා කියලා. අලුත් විදිහට හිතන අය මේවා ගැනත් හිතන්න