බැසිල්ට බරපතල චෝදනාවක්.. කෝටි පහලොස්දාහස් අවභාවිත කරලා..
May 9, 2022 at 3:20 am | lanka C news
දිවිනැගුම පනත හරහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔහුගේ පෞද්ගලික බුදලයක් වශයෙන් සමෟද්ධි ව්‍යාපාරය ලියාගත් බවත් එම ව්‍යාපාරයට රුපියල් කෝටි දහ පහලොස් දහසක් අවභාවිතා කරමින් සමෟද්ධි ව්‍යාපාරය සම්පූර්ණයෙන් බංකොලොත් කොට ඇති බවත් සමෟද්ධි වෘතීය සේවක සංගමය චෝදනා කර සිටී.
මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් සමෟද්ධි වෘතීය සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක සහ මාධ්‍ය ප්‍රකාශක කීර්ති බණ්ඩාර මහතා ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .
“පසුගිය මහ මැතිවරණයේදී විමල් වීරවංශ මහතා විපක්ෂයට චෝදනාවක් එල්ල කරමින් මහ බැංකුව මංකොල්ල කෑ අය නැවත ගෙන ආවොත් සමෟද්ධි බැංකුව මංකොල්ල කන බවට චෝදනාවක් කළා . එහෙත් එසේ චෝදනා කළ අයම අද සමෘද්ධි බැංකුව කොල්ල කා හමාරයි .
පසුගිය කොරෝනා සමයේ රුපියල් 5000 මුදල් ගත්තේ සමෟද්ධි බැංකුවෙන්. ඒ මුදල් බෙදා හැරියේ රජයේ ගෞරවය රැක ගන්නයි . නමුත් ඒවා සුදුස්සන්ට ලැබුණෙත් නැහැ . ඒවා ලැබුණේ කෝටිපතියන්ට. මේ මුදල් විසිපන් ලක්ෂයක් වූ අහිංසක මිනිසුන් විසින් ඉතුරු කර සමෘද්ධි බැංකුවේ තැන්පත් කොට තිබූ මුදල්. එ් මුදල් වලට සිදු වූ දේ පිළිබඳව තාම ගනුදෙනුකරුවන් දන්නේ නැහැ . මේ මජර දේශපාලනයත් සමඟ සමෟද්ධි බැංකුවත් අවසන් ගමන් ගිහින් තිබෙනවා.
සමෟද්ධි බැංකුව බංකොලොත් කළ අය අද වන විට ජනාධිපතිවරයා ගේ පුටුව අස්සේ රිංගා ගෙන සර් යන්න එපා, සර් යන්න එපා, කියමින් සිටිනවා . සිංහාසනය ගිනිගන්නා විට එය නිවවා වෙනුවට ඉන් ගිනි තපිමින් සිටිනවා”
ෂේන් සෙනෙවිරත්න
– අද
පොඩ්ඩක් ඉවසපල්ලා මහින්දයා ගෙදර යනකං…
හිරබත් පස්සේ බලමු
ඕකට හෙණ 7ම ගහපිය…
මොන චෝදනා කලත් , නඩු දැම්මත් , නිදොස් කොට, නිදහස්.
නිකම්ම බොරුවට කෑ නොගසා පොලිසියට කරුණු එක්ක පැමිණිල්ල දෙන්න… අනික සමෘද්ධිය කියන්නේ බහුතරයක් නිකමුන්ට මහජන බදුමුදල් බෙදාදීම… මේව තමා රට බංකොලොත් කරන ව්‍යාපෘති.ඉස්සර ජනසවියත් මේ වගේම තමා.. දියුණු වෙච්ච අය හොයාගන්න බෑ පරිභෝජනය විතරයි…
මොවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගෙන නඩු අසා වත්කම් රාජ සන්තක කර ජීවිතාන්තය දක්වා සිරගත කල යුතුයි.
මුන්ව මෙතෙක් පැවති නඩු වලින් නිදොස් කොට නිදහස් කිරීමට දායක වූ සියලුම පාර්ශ්ව හඳුනාගෙන මහජන අධිකරණය ඉදියට උන්ව පමුණුවාලිය යුතුයි.
නීතිය අවභාවිතා කල හැම එකාටම ඉහලම දඬුවම් (කැළෑ නීතිය ප්‍රකාරව හෝ) ලබාදිය යුතුයි.
හරි ඇත්ත ..
Rs. 5000 given to pradeshiya saba( local authority )chairmen list, At that time All GNs refuse this political campaign.
මේ වගේ ප්‍රවුත්ති අපිට හොදට අහලා හුරුයි. එක එකා හොරකම් කරපුවා ගැන කියවනවා. දාපු එක නඩුවක් නෑ. දාපු නඩුත් උසාවිවල ප්‍රතික්ෂේප වෙනවා. බොරු සාක්ෂි, බොරු කාරනා ඉදිරිපත් කරලා නඩු දැම්මාම නඩු පරදිනවා. දේශපාලන වේදිකාවල නිතරම ප්‍රතිවාදින් වෙත බොරු චෝදනා , අවලාද කිරීම ලංකාවේ ක්‍රමයයි.
මේ ඇමරිකන් ද්විත්ව පුරවැසි හොරා කන කපුටු කාක්කෙක් රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා පාර්ලිමේන්තුව ඇතුලට දාගෙන රට බංකොලොත් කරන්න තියන උවමනාව, රටේ පුනර්ජනනීය බලශක්තිය වැඩි කර රටටම විදුලිය දෙන්න එදා අපේ වෑල්ඩිං නන්දෙට තිබුණ නම් අද රටට මෙහෙම ව්‍යාසනයක් අත් වෙන්නේ නෑ.
ඉතින් යකෝ තොපි තෝරල නම් යවපු කෝටිපතියොන්ට තමයි 5000 හම්බෙලා තියෙන්නෙ එහෙනන්. උඹල නං නම් යැව්වේ, උඹල නං ගෙව්වේ ඌ වැරදි වෙන්නෙ කොහොමද?. අන්න ඒක තමයි කියන්නේ ඊලඟට වටලන්න ඕන දූශිත බලධාරීන්, දෙපාර්ථමේන්තු. තොපි තමයි ගෝඨාටත් එලියට බහින්න වැඩ සැලසුවේ. ඉඳපල්ලකො ඔහොම නට නට..
ඒ කාලේ ප්‍රදාන චෝදනාව උනේ 5000 මදි 20,000ක් දෙන්න කියලා. ඊට පස්සේ බැන්නා සල්ලි අච්චු ගහලා 5000 ගානේ දීලා ආර්ථිකය වැට්ටුවා කියලා. දැන් කියනවා 5000 දුන්නේ සමුර්ධි බැන්කුවෙන්ලු. චෝදනාවක් උනාම එකක් තියෙන්නේ ඕනෙ.