බැසිල් අමාත්‍යංශ නිලධාරීන් කැදවද්දී විමල් ආරක්‍ෂක ලේකම් එක්ක ගිය ගමන..

July 15, 2021 at 3:00 pm | lanka C news
බැසිල් අමාත්‍යංශ නිලධාරීන් කැදවද්දී විමල් ආරක්‍ෂක ලේකම් එක්ක ගිය ගමන..

දීඝවාපී චෛත්‍ය රාජයාණන් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා සුවිශේෂී මැටි වර්ග සහ තාක්ෂණ උපදෙස් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාව හරහා ලබා දීමට තීරණය කළ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද(15) දීඝවාපී චෛත්‍ය රාජයාණන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ පිඟන් සංස්ථාවට අයත් අක්කර 232කින් යුත් අම්පාර එරගම උළු සහ ගඩොල් කර්මාන්තශාලා පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය

“ආරක්ෂක ලේකම්තුමන් මූලික වෙලා මේ රටේ බෞද්ධ ජනතාවගේ ආධාර උපකාරයෙන් දීඝවාපී චෛත්‍ය රාජයාණන් ප්‍රතිසංස්කරණය කිරීමේ ඓතිහාසික වැඩ කටයුත්ත සිදුවෙමින් තිබෙනවා. එම කටයුත්තට අවශ්‍ය ගඩොල්, කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ලංකා පිඟන් සංස්ථාව හරහා ලබාදීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි අප අද මෙහි පැමිණියේ. ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයකට එළඹුණා.

ඒ අනුව ලංකා පිඟන් සංස්ථාවට අයත් අම්පාර එරගම උළු කර්මාන්ත ශාලා පරිශ්‍රයේ තිබෙන සුවිශේෂී මැටි වර්ග, තාක්ෂණ උපකරණ එම ගඩොල් නිෂ්පාදනය සඳහා ලබාදීමට තීරණය කොට තිබෙනවා. ඊට අමතරව අවශ්‍ය නම් පිඟන් සංස්ථාව සතු ඇඹිලිපිටිය කර්මාන්තශාලා පරිශ්‍රයේත් ඒ කටයුත්ත සඳහා අවකාශය සලසන්න අපි ඉදිරිපත්ව සිටිනවා.”

ඉහත තීරණයට එළැඹීම සඳහා පැවැති සාකච්ඡාවට සහ දීඝවාපී චෛත්‍ය රාජයාණන් ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම අම්පාර එරගම උළු කර්මාන්ත ශාලා පරිශ්‍රය නිරීක්ෂණය සඳහා අමාත්‍ය විමල් වීරවංශ මහතා සමග ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ලංකා පිඟන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්‍රනාන්දු, එහි සාමාන්‍යාධිකාරී ආර්. එම්. එස්. ඒ. රත්නායක යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

67,405 views

11 Comments to “බැසිල් අමාත්‍යංශ නිලධාරීන් කැදවද්දී විමල් ආරක්‍ෂක ලේකම් එක්ක ගිය ගමන..”

  1. Senarathna says:

    විමල් වීරවංශ ඇමතිතුමා ලා ආරක්ෂක ලේකම්තුමා බලන්නේ මේ රටට යම්කිසි ඵලදායි වැඩක් කරන්නයි. ද්විත්ව පුරවැසියා බලන්නේ පුළුවන් තරම් කීයක් හරි තව සැරයක් යටි මඩි ගහගෙන election එක ඉවර වෙච්ච ගමන් ආයෙම ඇමරිකාවට පැන ගන්නයි.

  2. ගිජුලිහිණි සංදේශය says:

    රට බිම දමා පාගන බව දන්නේය
    පිට පිට ගුටි කතත් තව මර නින්දේය
    කට මැත කියන්නේ පංචායුධයේය
    මුට අපි කියන්නේ තක්කඩි ගෙරියාය

    • නොදකිං says:

      තමන්ගෙ කවි ලිවීමේ හැකියාව ගණිකා වෘතියේ යොදවන පිම්පියෙක්

      • ගිජුලිහිණි සංදේශය says:

        ඇට නැති හැල දිවෙන් සිතු සිතු දේ දෙසන
        වැට පැන ගත්ත සහතික මිස නැත ඉගෙන
        පිට කස කසා ලෙවකන සැමගේ බොජුන
        මුට හොඳ වැඩිය රජ වාසල කවට තැන

      • ගිජුලිහිණි සංදේශය says:

        තම කුසට අහරකි – සිතේ නම් ගූ උනත් කන්නෙකි
        කියන සිතු සිතු වැකි –
        බලු පුකේ හම්පඩ රොඩියෙකි

      • ගිජුලිහිණි සංදේශය says:

        මේ රජ හරි හපන් පිනවති මුළු රටම
        සේවය කරති අනුවම දස රජ දහම
        හීනෙන් වත් පවක් නොකරති ඒ උතුම
        කීවොත් උඹ වගේ එය වේ පිම්පි කම

  3. Truth says:

    Job akke pot wenna yanna waran ikmanata borrow gaman gihin tiyana da natikaragana natuwa.
    BR sir ta puka dela job akke goda daganna ik manata

  4. Pigagn Matta says:

    Aanduwe salli walin hadala, munge nam gahaganiwee!

    • dinawamu says:

      Dutugemunu rajatuma , me rate hitiya anekuth rajavaru kaleth okama tama. Eka tama mithraya swabavaya. Ehema namak anagatha paramparavata dakinna tiyenna pin karanna oni. Obata mata echchara pinak nehe kiyala irishiya karanna epa. Hadavathe kuhakathvaya nikamma eliyata penala. oba kochchara moda kuhakayekda kiyala one ekekta penawa.

  5. 3% ට බය බයියා. says:

    පංචායුධයේ බලය

  6. චන්ද දායක says:

    අන්න බැසිල් බලාන ඉන්නවා එනකම්.

Main News