බැසිල් අලුත් පක්ෂයක් හැදුවේ අපේ හැමෝගෙම උවමනාවටයි..- මහින්දානන්ද
October 23, 2017 at 11:20 am | lanka C news
“බැසිල් රාජපක්ෂ මහත්තයා පක්ෂයක් හැදුවේ නැහ, අපි සියලුදෙනාගේ එකඟතාවයෙන් තමයි මේ සියල්ලම කෙරෙන්නේ, මේ වෙලාවෙ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැටියට වෙනත් කාර්යය භාරයක් පැවරිලා තියෙන නිසා බැසිල් රාජපක්ෂ මහත්තයා ඒ කාර්යය භාරය කලා, ඇත්තටම ඒකේ නරකක් නැහ, අපිට තරග කරන්න මොකක් හරි පක්ෂය තියෙන්න එපැය” යයි පොදු විපක්ෂයේ මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සති අග ඉරිදා ලංකාදීප පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදි ප්‍රකාශ කොට ඇත.
අද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉතිරිවෙලා ඉන්න පිරිස පක්ෂයේ නායකයින්ට වෛර කරන පිරිසක්, මෙහෙම කොහොමද පක්ෂයක් ගෙනියන්නේ? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැනුවත් හෝ නොදැනුවත්ව චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ අවශ්‍යතාවය මත 2020 දි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙරටේ ජනාධිපතිවරයා කිරිමේ කුමන්ත්රණයක යෙදෙන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කලේ ය.
දැනට ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශ්වයේ සිටින ඩිලාන් පෙරේරා. එස් බි දිසානායක, විජිතමුණි සොයිසා, චන්දිම වීරක්කොඩි මෙන්ම සංධාන ලේකම් මහින්ද අමරවීර මෙන්ම ශ්‍රිලනිප ලේකම් දුමින්ද දිසානායක ඇතුළු ඇමතිවරු පසුගිය කාලයේදී කියා සිටියේ බැසිල් රාජපක්ෂ විසින් ශ්‍රිලනිප විනාශ කිරිමට ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ගොඩනගන බවයි.
ඒත් පොදු විපක්ෂයේ මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මෙම ප්‍රකාශය සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛව පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපායමාර්ගයක් ලෙස අනාගතයේදි ආණ්ඩුවට විරුද්ධව වෙනම පක්ෂයක් ලෙස මැතිවරණවලදි ඉදිරිපත් වීමට ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ බැසිල් රාජපක්ෂ මහතා හරහා ගොඩනැගුනු බව මෙයින් සනාථ වේ.
ජයවේවා බැසිල් ප්රමුඛව ශ්‍රීලංකා පොදු ජන පෙරමුණට,
මහින්ද රාජපක්ෂගේ අයෝමය ශක්තිය බැසිල් රාජපක්ෂ බව සියලුදෙනාම තේරුම් ගැනිම ඉතාම වැදගත්, ජයවේවා,
Jayawewa
meeta Ranil
රානි අලයගේ අම්මවත් එපෝ
රානි අලයගේ අම්මට කිට්ටු කරපු saumyaa මොකද ජයවේවා කියන්නෙ
Eeeyaaa.
Mama hithanne unp eketh basilta kamathi aya godak innawa R.K unath sambanda karaganna puluwan aniwaaa.
අපිට ඕනේ ආණ්ඩුවක්
මහින්දගේ ආණ්ඩුවක්
බැසිල් ගේ ආණ්ඩුවක්
හොර බොරු නැති ආණ්ඩුවක්..
ජය වේවා…
Mahinda ge Anduwak………………
Basil ge Anduwak………….
Hora Boru Nathi Anduwak……………………??????????????
Heenen Thamai Itin………………
Just a spelling mistake. ‘HORA BORU ATHI ANDUWAK’