බැසිල් ආවාට ප‍්‍රශ්ණ විසදෙන්නේ නෑ.. ඔහුත් හිටියේ ආණ්ඩුවේම තමයි.. ඇමතිවරු අද රබර් සීල් කරලා..- දයාසිරි

July 2, 2021 at 12:02 am | lanka C news
බැසිල් ආවාට ප‍්‍රශ්ණ විසදෙන්නේ නෑ.. ඔහුත් හිටියේ ආණ්ඩුවේම තමයි.. ඇමතිවරු අද රබර් සීල් කරලා..- දයාසිරි

වර්තමානයේදී කැබිනට් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රබර් මුද්‍රා බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

රට තුළ පවතින අර්බුදය තේරුම් නොගෙන ඇමතිකම් බෙදාගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කවුරු පාර්ලිමේන්තු ආවත් කවුරු ඇමති වුණත් ප්‍රශ්න එසේම තිබෙන බව කී දයාසිරි ජයසේකර මහතා බැසිල් රාජපක්‍ෂ මහතා ඇමතිවරයකු නොවුවත් පසුගිය කාලයේ ඇමතිවරයකුට වඩා බලතල තිබූ නායකයෙක් බවට පත්වී සිටි බව කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

ඔහු පාර්ලිමේන්තුවට ඒම ප්‍රශ්නයක් නොවන නමුත් ඔහු ආවා කියා ගැටලු විසඳෙන්නේ නැතැයි ද ජයසේකර මහතා පැවසීය.

වර්තමානයේ පවතින ප්‍රශ්න ඇතිවුයේ බැසිල් රාජපක්‍ෂ මහතාත් සිටි ආණ්ඩුවක් තුළ බව කී රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රබර් මුද්‍රා බවට පත්ව ඇති බවත් කැබිනට් ඇමතිවරුන්ටත් ඒ තත්වය උද්ගත වී ඇති බවත් ප්‍රකාශ කළේය.

රට තුළ පවතින ක්‍රමයේ ගැටලුවක් තිබෙන බව කී ජයසේකර මහතා එම තත්වය නිවැරදිව කළ යුතු බව ද පැවසීය.

– lankadeepa

29,778 views

10 Comments to “බැසිල් ආවාට ප‍්‍රශ්ණ විසදෙන්නේ නෑ.. ඔහුත් හිටියේ ආණ්ඩුවේම තමයි.. ඇමතිවරු අද රබර් සීල් කරලා..- දයාසිරි”

  1. 🤣🤣🤣🤬 says:

    පිත්තෙන් මෙයා එදා පෙන්නපුව අද ලෝකයම දකිනවා කිරිකට් ඇමති හිටිය කාලේ…!
    ඒ නිසා කොල්ලෝ ” රබර් කොපු ” බවට පත්වෙලා !!!

  2. pvision1 says:

    exacatly right. but when and how to resolve the issue is the concern.
    I think when and how the systemic
    change happen is doubtful.Visionary leader for the country is out of reach. it is sad and miserable situation for every Sri Lankan.

  3. ගල තිබ්බා ගල නැහැ ගල තියනවා නේ says:

    ඈ බොල මූ මොකාටද එන්න හදන්නේ..කෝකටත් කෙල්ල ගෙට ගත්තොත් හොඳයි.

  4. බයිසන් says:

    ගැසිලුත් ධම්මික පැණිය වගේ තමයි. නිකං පුස්සෙක් විතරයි. මහින්දගෙ මල්ලි නොවුනා නම් තවමත් ඇමරිකාවෙ පැට්‍රල් ෂෙඩ් එකේ වැඩ කරනවා.

  5. Dengu Nona says:

    Mokada naththe? Magik Polla thiyenne eyaa langa. Apu hatiya oya okkotoma aragana aragana yanawa. Eeeta passe dan sapada kiyala ahanawa!!

  6. රබර් සීල් එකෙක්වත් පස්ස පැත්ත මූද්‍රා තියන ගත්ත නමි. says:

    පස්ස රබර් සිල් එකෙන් මූද්‍රා තියා ගත්තට රැකෙන්නේ නෑ දයෝ. ඒකත් කූඹූරක් වෙලා.

  7. Parliament Jokes says:

    O/L wath pass nathi ewun parlimenthuwata thora ganeeme prathipalyi mewa.

  8. නිශ්ෂංක says:

    දේශපාලකයන් රබර් සීල් වලින් මුදවලා ම රටට සෙතක් වන්නේ නැහැ. නිලධාරී සෙට් (ලේකම්ලාගේ සිට පහලට) බෙහෙත් දෙන්න වෙයි. ගොඩක් අය නාකි කමට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලට ආපු අය, දැක්මක් නැහැ. පර්මිට් අරන් ගෙදර යන විදිහ කල්පනාව. ඉහලට යන්න එම් එස් සී සහ තවත් දේවල් පොතෙන් ඉගෙන ගෙන වැඩ නොකරපු සෙට් එකක් ඉහලට ගියාම මොකද වෙන්නේ. වැඩ පුළුවන් අයට කැපිල්ල ආයතනයක් ඇතුලේ වැඩකරන්න කැමැත් සේවකයන් හා නව දැක්මක් ඇති සේවකයන් හදුනාගෙන ඉදිරියට ගන්න වැඩපීලිවෙලක් නැහැ. කලකිරවනවා, කාබනික පොහොර සංකල්පය ඉදිරියට ගෙනියන්න උනත්, සංවර්ධනය ඉදිරියට ‌ගෙනයන්න උනත් විෂයය දන්න සෙට් එකක් අදාල කාර්යය කළමණාකරණයට පත්කල යුතුයි. දැන් වෙන්නේ සිංහල උපාධිය තියෙන කෙනා විදුලියටත්, විදුලි උපාධිය තියෙන එකා සංස්කෘතිටත් දානවා වාගේ වැඩ. විශේෂඥ කේෂත්‍රය හදුනාගෙන අදාල තැනට පත්කරන ක්‍රමයක් ලංකාවේ නැත්තේ ඇයි. සම්පූර්ණ රජයේ සේවය නැතතත් සකස් කල යුතුව ඇත. අවධානයටයි නැත්නම් ‌‌ඩොලර් එක රු 500 වෙිවි. බොරු ප්‍රොජෙක්ට කරලා රට අගාතයට දමාවි

  9. Truth says:

    ගෝඨාභය යනු බොරුවෙන් ඉපිද, බොරුව ජීවන දර්ශනය කරගත්, දේශප්‍රේමයේ සිංහ හම පොරවා ගත් වසලයෙකි. 

  10. Priyankara says:

    Very True , Respect sir

Main News