බැසිල් ඇමරිකා ගියේ රටට සෙතක් කිරීමේ වැඩ පිළිවෙලකටයි.. දැන්ම කිවුවොත් ඒක කරන්න ලැබෙන්නෙ නෑ..

May 21, 2021 at 12:40 pm | lanka C news
බැසිල් ඇමරිකා ගියේ රටට සෙතක් කිරීමේ වැඩ පිළිවෙලකටයි.. දැන්ම කිවුවොත් ඒක කරන්න ලැබෙන්නෙ නෑ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විදේශගත වූයේ රටට සෙතක් කිරීමේ වැඩ පිළිවෙලක් සහිතව බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ඒ සම්බනධයෙන් දැන්ම හෙළිදරව් කළ හොත් එම කාර්ය සිදු කිරීමට නොලැබෙනු ඇති බවද පැවසූ ඔහු එනිසා එය මේ මොහොතේ එය අනාවරණය නොකරන බවද පැවසීය.

මෙරට පවතින තත්ත්වය අනුව බැසිල් රාජපක්ෂ මහතාට කළ හැකි බලපෑම මගින් රටට සෙතක් කිරීමේ වැඩපිළිවෙළක ඔහු නිරත ව සිටින බවද ඇමැතිවරයා පැවසීය.

බැසිල් රාජපක්‍ෂ මහතා විදෙස්ගත වීම ගැන මාධ්‍ය කල විමසීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

31,158 views

41 Comments to “බැසිල් ඇමරිකා ගියේ රටට සෙතක් කිරීමේ වැඩ පිළිවෙලකටයි.. දැන්ම කිවුවොත් ඒක කරන්න ලැබෙන්නෙ නෑ..”

  1. Dengu Nona says:

    thopi okkotoma api saapa karamu!!

    • Sky says:

      චීනෙට රට වෙන්දේසි කරලා පනත් ගෙනත්දැන් ඒවත් සම්මතයි .පවුල් පාලනයේ බලය පෙන්වනවා ..ජන්ද පොරොන්දු කෝ ?.ඊළගට ඇමරිකාවට රටේ ඉතුරු සම්පත් වෙන්දෙසිකිරිමටද බැසිල් ගිහින් තියෙන්නේ ?පුදුම දේශපාලුවෝ ..ජනතාව රවටපු රැවටිල්ලක් ..69 ලක්ෂයක් ජනතාවගේ විශ්වාසය බිදලා ,යහපාලන නරුමයෝ කරපු බලු වැඩ ටික ඉදිරියටම ගෙන යනවා
      අහෝ අපේ රට ජාතිය රැකගන්නේ කවුද ? සිංහලයා මර නින්දේ

  2. යකා says:

    වෙන දෙයක් ඕන නෑ මෙහෙන් ගිය එකම කොච්චර සෙතක් ද

  3. සමන්ත says:

    ඒක නම් ඇත්ත. හිටියානම් රටට මොනවා වෙයිද දන්නේ නෑ. ගිය එක නම් රටට යහපතක්ම තමයි.

  4. samantha says:

    රනිල්ලා මහින්දලා, අනුරලා ඔක්කොම කරන්නෙ රටට සෙතක්. ඒ උනාට කාගෙ කාගෙත් පවුල්වට විතරයි ඒ සෙතේ ලැබිලා තියෙන්නෙ. රටට සෙතක් වුනානම් යුද්ධෙ ඉවර වුන එක විතරයි මන් හිතන්නෙ….

  5. J.K Dadallage says:

    සමහරවිට ලාංකිකයන්ට ඇමෙරිකානු පුරවැසිභාවය අරගෙන දෙන්න වෙන්න ඇති.

Main News