බැසිල් ඉද්දී ඉන්ධන මිල වැඩි කරන්න දුන්නෙ නෑ….- බිමල්

December 23, 2021 at 3:20 am | lanka C news
බැසිල් ඉද්දී ඉන්ධන මිල වැඩි කරන්න දුන්නෙ නෑ….- බිමල්

ආණ්ඩුව රටේ ඉන්ධන මිල ගණන් පෙර නොවූ විරූ ආකාරයෙන් ඉහළ දැමීම හේතුවෙන් ජනතාවගේ පීඩනය දෙගුණ තෙගුණ වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයයේදී  පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ලංකා ඉතිහාසයේ වැඩිම තෙල් මිල ආණ්ඩුව මෙවර ලබාදී තිබෙන බවත්, නමුත් ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල මීටත් වඩා වැඩි වූ අවස්ථා මීට පෙර පැවති බවත් හෙතෙම කීවේය. පහුගිය මාසවලදී බොර තෙල් යම් ප්‍රමාණයක ඉහළ යාමක් පැවතියත් ඔමික්‍රොන් ප්‍රභේදයේ පැතිරීමත් සමගම යුරෝපයේ රටවල්වල සංචාරක සීමා පැනවීම නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල ගණන් යම් අඩුවීමක් සිදුවූ බවත්, ආණ්ඩුව තෙල් මිල වැඩිකිරීම සිදුකර ඇත්තේ ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වෙමින් තිබෙන අවස්ථාවක බවත් ඔහු කීවේය. ඛනිජ තෙල් ඇමතිවරයා හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රූකඩ බවට පත්කර තිබෙන බවත්, තෙල් මිල වැඩිකිරීමට අදාළ සාකච්ඡා ආණ්ඩුව තුළ සිදුවුණේ දෙසැම්බර් 13වැනිදා අයවැය අවසන් වූ පසුව බවත් ඒ මහතා කීය. නමුත් ඒ මොහොතේ කැබිනට් මණ්ඩලය තුළ මේ පිළිබඳව සාකච්ඡා වෙද්දී බැසිල් රාජපක්‍ෂ මුදල් අමාත්‍යවරයා තමන් ලංකාව තුළ සිටියදී මිල වැඩිකිරීමට ඉඩ නොදුන් බව ප්‍රසිද්ධ රහසක් බවද, ඒ අවස්ථාවේ ඛනිජ තෙල් ඇමතිවරයාට මිල වැඩිකිරීමට ඉඩ නොදුන් නමුත් පෙරේදා රාත්‍රියේ ඛනිජ තෙල් සංස්ථාව මිල වැඩි කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ඉල්ලීම මත බවද ජාතික සංවිධායකවරයා පැවැසීය. ඉන්ධන මිල වැඩි කරනු ලැබුවේ ඩොලර් සංචිත රැක ගැනීමට බවට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසුවත්, ලංකාවේ තෙල්වල රුපියල් මිල වැඩි කළ විට ඩොලර් සංචිත ඉහළ යන්නේ කෙසේද යන්න ගැටලුවක් බවද ඔහු කීවේය. බැසිල් රාජපක්ෂ ඇමතිවරයා මේ රටේ තමන්ගේ රැකියාව සහ ව්‍යාපාර කටයුතු කිරීමෙන් පසුව නිවාඩුව ගත කිරීමට ඇමරිකාවට ගොස් තිබෙන බවත්, ඔහු සිටින මොහොතේ ඉන්ධන වැඩි කිරීමට ඉඩ නොදී තිබෙන්නේ ඔහුගේ නිවාඩුවට බාධාවක් වන නිසා විය යුතු බවත් හෙතෙම පැවසීය.

බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමැතිවරයා මිල වැඩිකිරීමට අදළ තීරණය ගෙන එය ක්‍රියාත්මක කිරීමේ වගකීම ඔහුගේ ඇඟට නොවැටෙන ආකාරයට සිදුකර ඇති බව ඉතාම පැහැදිලි බවද, රාජපක්‍ෂවරු රටේ ආර්ථිකය හැසිරවීමෙන් සියයට 60 – 70කට වගකියන බවත් ඉන් සිදුවන්නා වූ මහජන පීඩාව තමන්ගේ ඇඟට නොගෙන ආණ්ඩුව තුළ සිටින අන්තේවාසික ඇමැතිවරුන් පිටින් යවන බවද ඔහු පවසයි.

– Aruna

49,508 views

10 Comments to “බැසිල් ඉද්දී ඉන්ධන මිල වැඩි කරන්න දුන්නෙ නෑ….- බිමල්”

  1. Boo says:

    අන්න හරි, ආධාරයට වඩා වටින්නේ කවුද ආධාර කරන්නේ කියන එකයි. ඒ කියන්නෙ සමගි ජන බලවේගෙද, පොහොට්ටුවද, ජනතා විමුක්ති පෙරමුණද කියන එකයි. මතක ඇතුව ඒ නම පැහැදිලිව ලොකුවට දාන්න ඕනෙ, නැත්තං ලෙඩා මැරෙනවා. දැන් ඔය ආන්ඩුවෙන් ඉස්පිරිතාලවලට ලබාදෙන ඒවටත් ලේබල් ගහන්න ඕනෙ මේවා පොදු ජන පෙරමුනු ආන්ඩුවෙන් කියලා, එතකොට තමයි ඒ බේත් හේත් හරියට වැඩකරන්නේ.

  2. බන්ඩා says:

    ජෙප්පො බලයට ගෙනත් චිට් එකෙන් රට ගොඩ ගමු . 🤣

    • Turn of The Tide says:

      දරුණු ආර්තික අර්බූදයක ගිලී මිලියන ගණනක් ලාංකික පුරවැසියන්ගේ ජිවිත අවදානමක පවතින මොහොතක ලංකාවේ මිනිස් ජීවිත වල උදව්වට කලන මිතුරන් දෙදෙනෙක් ඉදිරිපත් වී සිටී.ඒ ඉන්දියාව සහ චීනයයි.මේ රටවල් දෙක මේ මොහොතේ ලාංකිකයන්ගේ පිහිටට නොඑන්න ලංකාව දැනටමත් විසාලාවකි.මේ භූමියේ මිනිසුන් එක එකා මැරී වැටෙනකම් අධිරාජ්‍යවාදී ගිජුලිහිණීන් බලා සිටී.එය චිත්‍රයකට නගන්නේ නම් පුලිට්සර් සම්මානලාභී Kevin Carterගේ “The Vulture And The Little Girl” ඡායාරූපය මනසේ සිතුවමට නගයි.තම කුරිරු අරමුණු වලට ලංකාවේ සැබෑ මිතුරන් දෙදෙනෙකු වන ඉන්දියාව හා චීනය බාදාවක් බව දන්නා බටහිර තම බලල් අඬු යොදවාගෙව එම රටවල් දෙකට එරෙහිව පාර්ලිමේන්තුව තුල පහත් තුන්වන පංතියේ ප්‍රොපර්ගැන්ඩාවක් අරඹා ඇත.ගරු පාර්ලිමේන්තුව තුල “ඉන්දියන් හුජ්ජ සහ චීන ගූ” හැන්සාඩ් ගතව ඇත.බටහිර විසින් ඒ සඳහා යොදවාගෙන ඇති ප්‍රධාන බළල් අණ්ඩ ජවිපෙ ය.මීලඟ ණය වාරිකය අය කරගෙන ලාංකිකයන් එකාපිට එකා මැරී වැටෙන්නට සලස්වා ලංකාව අමුසොහොනක් බවට පත් කිරීමට බලන් ඉන්න බටහිර අධිරාජ්‍යවාදීන්ට එයට ඇති එකම බාධාව අපගේ කලණ මිතුරන්ය.

  3. Dengu Nona says:

    Raajaaksalaa saha unge pakkaliyan inna thaak kal me ratata yahapathak wene nehe!!

  4. Priyankara says:

    Obathuma gana podi viswasayak thibuna. Basilta kade yanawanam obathumath kunugodaka.

  5. SL says:

    තොපි දැන් තනියෙන් ද රට කරන්න යන්නේ. රටේ ජනතාවම ආධාර වලින් යැපෙන මානසිකත්වයකට තල්ලු කරේ තොපි.

    දැන් උඹල ඔය ඉල්ලන පඩි වැඩිකිරීම් ,රටේ සියල්ලන්ටම නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය , පෙට්‍රල් ඩීසල් මිල අඩු කිරීම් කරන්නේ කොහොමද කියල පැහැදිලි කරපල්ලා

    මිනිස්සු නොමග යවන්නේ නැතිව හරි දේ කතා කරපල්ලා. 225 කාලකන්නි ගොඩයි තොපියි එකතු වුනහම මේ රට කවදාවත් ගොඩ ගන්න බැහැ

  6. sihala yaka says:

    අනුන් ගෙන් පිනට කකා ඉන්න අයට කයිවාරු ගහන්න පුලුවන්.

    ඒවා වැඩක් නෑ අනේ, ඔය තැඹිලි කොටු ශර්ට් එක කවුද පිනට දුන්නේ ?
    ඔයාට මාර හැඩයි. ජෙප්පෙක් කියල කියන්නවත් බෑ. පුල් හැන්ඩ්සම්.

    • says:

      ජෙප්පන් දැන් අදින්නේ සමනළ වර්ණ.
      මෙවර NPP එකෙන් පල කරපු ප්‍රකාශණයටත් යොදාගෙන තියෙන්නේ සමනළ වර්ණ.ඒක ඈතට පෙනෙන්නෙත් සමනළයෙක් වගේ.
      ලාල් කාන්ත පැහැදිලිවම කිව්වා තමා සමරිසි වැඩෙත් කරනවා කියලා.
      ජෙප්පන් තමන් LGBT බව පෙන්න ගන්න හේතු කීපයක්ම තියනවා.එක හේතුවක් එවිට ජාත්‍යන්තරයෙන් සල්ලි ගලාගෙන එන එක.තව හේතුවක් මේ අවුලට ගොදුරු වෙලා ඉන්න ලංකාවේ තරුණයින් හා තරුණියන් තම ගොඩට ඇද ගැනීම.තව කාරණයක් නම් ජෙප්පන් සැලකිය යුතු ප්‍රමාණයක් සමනළ ජීවිත වලට ඇතුලු වී තිබීම.

  7. Gamarala says:

    වසර 73ක් මුන් ජනතාව රැවටුවා දැන් ඇති. අලුත් මගකට යමු

  8. David Milli-banda says:

    “බැසිල් ඉද්දී ඉන්ධන මිල වැඩි කරන්න දුන්නෙ නෑ….- බිමල්”….. Moda Kotaluwa.
    All price increases take place after Basil has left. These are all pre-planned.
    Basil will visit the IMF in the New year bring with him $ 1.6 b loan to pay back loan instalment due as IMF demands have already been met in his absence.
    Bimal you Donkey.. Another Pingutharaya….. Living off money JVP collected through their Tin Pot campaigns.