බැසිල් කටුනායකින් මෙරටට එයි.. ඉන්ධන මිල අඩුවෙයි..?

June 24, 2021 at 9:20 am | lanka C news
බැසිල් කටුනායකින් මෙරටට එයි.. ඉන්ධන මිල අඩුවෙයි..?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔහු පසුගිය මාසයකට වැඩි කාලයක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලික සංචාරයක නිරත විය.

ඔහු මෙරටට පැමිණීමත් සමග දැනට ඉහළ දමා ඇති ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන් ගණනාවක් ම සඳහන් කර ඇත.

බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිටියේ නම් ඉන්ධන මිල ඉහළ නොදමන බවද එම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ප්‍රසිද්ධියේ සඳහන් කරන ලදී.

91,817 views

37 Comments to “බැසිල් කටුනායකින් මෙරටට එයි.. ඉන්ධන මිල අඩුවෙයි..?”

  1. කුසල් says:

    අයියා ඉතිරි සංචිත ටිකටත් කෙලවයිද?

  2. Hari says:

    බැසිල් අමෙරිකාවෙන් තෙල් ගේනවා, ලංකාවේ තෙල් මිල අඩුවෙනවා හා,,,,,හා,,,

  3. නාමරත්න says:

    අපි වැරදි මිනිහා ජනපති කරලා දැයි සැක සිතේ, මෙයානේ මිනිහා ‌දැන් බය නැතිව තෙල් ගහගන්න පුළුවන් අඩුවට.

  4. Bitter Truth says:

    කුරහං සාටකේ දැක නහුතෙටම කීපී
    අබරං සීය කැරකී පඩයක් ඇරපී
    නූගත් ගමක කොළුවෙක් හොඳ දන්න අපි
    හූනත් මුත්ත වාගෙයි කියලා දුවපී

  5. රයන් says:

    තිස්ස තිස්ත, වැඩි මිලටත් නැති අඩුමිලටත් නැති වෙනත් තෙලක් තිබේද? එසේය ස්වාමීනී ……… (වැඩ්ඩෙක් ඉන්නවානම් හිස්තැන පුරවන්න.)

  6. අරුණ කුමාර ලපදාස says:

    එතකොට අමෙරිකාවෙ ගියේ අපට තෙල් ගේන්නද?අනේ වසනාවන්.

    • cobra says:

      බසිල්ද තෙල් ලංකාවට දෙන්නේ ? ඔහුගේ තෙල් ගබඩා තියෙන්නේ අමෙරිකාවේද ? දන්නේ නැති නිසයි අහන්නේ ?
      ජනතාව ගොන්නු කියලද මේ දේශපාලුවෝ තාමත් හිතන්නේ

  7. ks says:

    අනේ අම්මපා පොහොට්ටුවේ මහත්තුරු අපේ ජනාධිපති තුමාට කරන අපාහාසයක තරම. මේ කියන්නේ විධායක බලය තියෙන ජනාධිපති තුමාට බැරි උන දේ ප්රාකදේශීය සභා මන්ත්රී කමක්වත් නැති බැසිල් මහත්තට පුලුවන් කියලනේ. පව් අප්පා අපේ ජනාධිපති තුමා.

  8. Citizens of Lanka says:

    New form of Dual Citizens are now control country’s national politics by other vested interest of unknown power-Brokers in SLPP’s party apparatus. Blood is thicker than water. We do not wanted Old UNP-policies in by New face to SLPP!@ By $$$.

Main News