බැසිල් ඝාතන කුමන්ත‍්‍රණයක්.. තරු හෝටලයක ඉහල පෙලේ සාකච්චක්.. දැඩි පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි..

July 30, 2020 at 9:20 am | lanka C news
බැසිල් ඝාතන කුමන්ත‍්‍රණයක්.. තරු හෝටලයක ඉහල පෙලේ සාකච්චක්.. දැඩි පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි..

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට ඒ මහතා දේශපාලන පිටියෙන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතින බවට හෙළි වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වූ කුමන්ත්‍රණයක් හිටපු ප්‍රබල ඇමතිවරයෙකුගේ මූලිකත්වයෙන් කොළඹ තරු පහේ හෝටලයේ දී පවත්වා ඇති බවයි.

මේ නිසා බැසිල් රාජපක්ෂ මහතාට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දෙන වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් මෙම තර්ජනය එල්ල කළ පාර්ශව සම්බන්ධයෙන් කරුණු හෙළි කළ නොහැකි බවත් එය පොලිස්පතිවරයාට පමණක් ලෙස දැනුම් දෙන බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතාගේ ජීවිතය සම්බන්ධයෙන් තමන් බිය වී සිටින නිසා මේ බව මාධ්‍යයට පැවසුවේ ද ඔහු තව දුරටත් කියා සිටියේය.

638 views
Main News