බැසිල්-චමල් ජනාධිපතිවරණයට එන්නට බෑ කිවුවා.. ගෝඨාබය ඉදිරිපත් වෙන්න සූදානම් කිවුවා…

September 28, 2018 at 2:10 pm | lanka C news
බැසිල්-චමල් ජනාධිපතිවරණයට එන්නට බෑ කිවුවා.. ගෝඨාබය ඉදිරිපත් වෙන්න සූදානම් කිවුවා…

මීලග ජනාදිපතිවරණයට තරග වැදීම සදහා චමල් රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ යන සහෝදරයන් දෙදෙනාම අකමැත්ත පල කර ඇති බවත් ගෝඨාබය රාජපක්‍ෂ මහතා පමණක් කැමැත්ත පල කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

උත්සවයකින් පසු මාධයවේදීන් විසින් කරන ලද විමසීමේදී ඔහු මෙම අදහස් පල කලේය.

‘මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කිවුව මගේ සහෝදරය අපෙක්‍ෂකයන් අතර කෙනෙක් කියල. බැසිල් රාපක්‍ෂ මැතිතුමාත්, චමල් රාජපක්‍ෂ මැතිතුමාත් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් නෑ කිවුව. ගෝටාභය රාජපක්‍ෂ මහත්තය විතරයි කිවුවෙ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ආශිර්වාදය ලැබෙනව නම් මම ඉදිරිපත් වෙන්න සුදානම් කියල.

අත්පුඩියක් ගහන්න අත් දෙකම ඔ්නනෙ. මේ පැත්තෙන් මහින්ද රාජපක්‍ෂ මහත්තයගේ අත තියෙද්දී අර පැත්තෙන් සහෝදර අතක් විදියට තියෙන්නෙ ගෝටාභය රාජපක්‍ෂ මහත්තයගේ අත විතරයි’

13 views