බැසිල් දිවිනැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරයි…

February 1, 2022 at 10:03 am | lanka C news
බැසිල් දිවිනැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරයි…

දිවි නැගුම මුදල් අවභාවිතා කළ බවට චෝදනා ගොනු කරමින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඒ මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.

අද කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා සහ එවකට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතා මෙසේ නිදොස් කොට නිදහස් කර ඇත.

2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්‍ෂ පනහක් මුද්‍රණය කිරීමට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් යොදා ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කළේ යැයි මෙම නඩුවෙන් චෝදනා කර තිබිණි.

19,282 views

31 Comments to “බැසිල් දිවිනැගුම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරයි…”

  1. The Funeral Director says:

    හා… දැන් ඉතින් සාදු කියන්න පින්වතුනි…..

  2. චන්ද දායක says:

    නඩුටික ටික ටික ක්ලියර් වේගෙන යනවා.ජනතා පැතුම ඉටුවෙනවා.

    • රාජපක්ෂහොරැ says:

      අපි ඉන්නකං මුළු රටම ගොඩ මල්ලී…අපේ පවුල ගොඩේ ගොඩ

  3. Wise Man says:

    නිදහසෙන් පස්සේ හැම නායකයගේ කාලෙම රජයෙන් වාර්ෂිකව ලිත් මුද්‍රණය කරල තිබෙනවා. ඒක වංචාවක් නෙමෙයි. මේ නඩුවේ කියවෙන්නෙත් ඔය වාර්ෂිකව මුද්‍රණය කරපු ලිත් ගැන තමයි. මෙතනත් රුපියලක වත් වංචාවක් වෙලා නෑ කියලා 2017දි යහපාලනේ කාලෙ දීපු නඩු තීන්දුවෙත් තිබෙනවා. මහින්දගේ රුවක් ලිතේ තිබුනා කියලා තමයි නඩු දාල තියෙන්නේ. මේව මොන විහිලුද බන්? මහින්ද ජනාධිපති වෙන්න කලින් ඉඳපු රාජ්ය නායකයගේ පින්තූරත් ලිත් වල තිබිල තියෙනවා

  4. Laksiri says:

    UNP/JVP ආණ්ඩුව කාලේ නඩු පවරලා අවුරුදු 4ක් ඇදගෙන ගියා. ඉතින් ඉවර කරන්ඩ තිබුනනේ. බොරු නඩු වලට මීට වැඩි දෙයක් කරන්ඩ බෑ.

  5. Alapaluwa says:

    දැන් මේක ෆැෂන් එකක් වෙලා නිදොස් කොට නිදහස් කිරීම එතකොට මේ රාජපක්ෂලා කිසිම හොරකමක් කර නැහැ බලන්න මේ මිනිසුන් කියන කථා පවු නේ ඒ අයට මඩ ගසන එක.මෙතරම් බෝ පැල වලට ගරහාන එක කෝතරම් පවු සිදුවේද? එහේම කරන්න කියන්න එපා අපි ඉතින් මේ අය දෙන දේයක් කළා වේනදෙයක් බලාගෙන සිටිමු නේද?හා අපි නොවේ හොඳේ ඔයාලා.Apalauwa from SA

  6. Gamarala says:

    කැකිල්ලේ නඩු ගැන මතක් වෙනවා.

  7. Kevin Nash says:

    Jayawawa

  8. Sam Roks says:

    මේ නඩුවට අදාල ලිත් මුද්‍රණයෙත් රුපියලක වත් වංචාවක් වෙලා නෑ කියලා යහපාලනේ කාලෙ දීපු නඩු තීන්දුවේම තියනවා. ලිතේ රාජ්ය නායකයගේ රූපෙ තිබුණා කියලා වැරදිකාරයෙක් වෙනවා නම් මේ වෙනකන් ලංකාවේ ඉඳපු හැම නායකයම වැරදිකාරයො වෙන්න එපැයි

  9. මේක පුදුම රටක් says:

    – රාජිතට නැව් පිටින් ගිලින්න හොඳයි
    – රජයේ සල්ලි කෝටි ගණන් නෙවිල් ෆෙර්නන්ඩො එකට දෙන්න හොඳයි
    – මහබැංකුව මහ දවල් කොල්ල කාල වසර 30ක බැඳුම්කර වලින් පාඩු කරන්න හොඳයි
    – සජිත්ට කෝටි ගණන් රජයේ මුදල් අවභාවිතා කරන්න හොඳයි
    – පාඨලී කොල්ලෙක් ජීවිත කාලෙම අබ්බගාත කරලා නීතියට බලපෑම් කරන එක හොඳයි
    – ජවිපේ ඊබ්‍රහීම් බාල කුළුබඩු ප්‍රතිඅපනයනය කරලා අපේ රටේ කුළුබඩු නම කාල විදේශ විනිමය කෝටි ගණන් අහිමි කරන එක හොඳයි
    – ඊබ්‍රහීම්ගේ පුතාල මරාගෙන මැරෙන බෝම්බ ගහද්දි හොඳයි
    – ජවිපෙ දම්මික පෙරේරා රටින් කුණු කන්ටේනර් පිටින් ගේනකොට හොඳයි.
    – යහපාලනේ අධ්යාපන ඇමති තමන්ගේ රූපේ සිසුන්ගේ පෙළපොතේ ගහනකොට හොඳයි…

    තව මේ වගේ සෑහෙන්න තියෙනවා යහපාලනෙන් කරපු හොඳ දේවල්

    ඒත් හැම වසරෙම රජයෙන් මුද්‍රණය කරන ලිතේ එක සැරයක් ජනාධිපතිගෙ රූපෙ තිබ්බ කියලා නඩු.

    කැකිල්ලේ යහපාලන නීතිය…!

  10. Darshana abayakoon says:

    69 ලක්ෂයෙන් එකෙක් වීම ගැන හදවතින්ම ආඩම්බරයි. ජඩ පාලකයො මෙතුමලට බොරු නඩු පවරලා කොච්චර අඩත්තේට්ටම් කරාද. තමන්ගේ මූන දාල ලිතක් ප්‍රින්ට් කර ගන්න බැරි නම් ජනාදිපති කමෙන් වැඩක් තියෙනවද? අනික ඒව ගෙදර තියාගත්තේ නෑ නේ. ජනතාවටම බෙදල දුන්නා. යහපාලුවො නිකන් ලිතක් වත් බෙදුවද?

Main News