බැසිල් පාර්ලිමේන්තු ඒම ගැන පොහොට්ටුව දෙකට බෙදේ…

June 25, 2021 at 10:00 am | lanka C news
බැසිල් පාර්ලිමේන්තු ඒම ගැන පොහොට්ටුව දෙකට බෙදේ…

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන අභ්‍යන්තරයෙන් මත දෙකක් නිර්මාණය වී ඇතැයි වාර්තා වෙයි.

ඉන් එක් කණ්ඩායමක් සඳහන් කරන්නේ එළැඹෙන පාර්ලිමේන්තු සැසි වාරයේ දී බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දිය යුතු බවයි.

අනෙක් කණ්ඩායමේ අදහස වී ඇත්තේ බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන්ද දීර්ඝ සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුව අවසන් තීන්දුව ගනු ඇතැයිද දැනගන්නට ඇත.

90,590 views

27 Comments to “බැසිල් පාර්ලිමේන්තු ඒම ගැන පොහොට්ටුව දෙකට බෙදේ…”

  1. සාධාරණ සමාජයක් උදෙසා! says:

    ලංකාවට ගිය කලක්?

    • Saradiel says:

      ජන්දෙන් මහජනතාව පත් නොකළ පුද්ගලයින් පාර්ලිමේන්තුවට ගැනීම වැරදියි .. වත්මන් රජය මෙවැනි තීරණ ගැනීම ගැන අපි ඉතා කණගාටු වෙමු …රනිල්ව මහජනතාව ප්‍රතික්ෂේප කළා ඔහුටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙක් කළා ..මේකද දැන් රටේ ප්‍රතිපත්ති ,
      69ලක්ෂයක් ජනතාව රැවටුනාද /රැවැට්ටුවාද ?
      රටේ නිතිය ක්‍රියාකරන්නේ සබ්රිගේ කැමැත්ත පරිදිද ? බැසිල්ව පාර්ලිමේන්තුවට නොගත යුතුයි …

      • Sky says:

        ද්විත්ව පුරවැසි භාවය පනතකින් සම්මත කලේ බැසිල් වගේම විදේශවල සිටින කපටින් ලංකාවේ පාර්ලිමේන්තුවට ගෙන එමටයි ..එයට උදව් කරපු දියවන්නාවේ මෝඩ රැල පනතක් සම්මත කරන්න යන විට ඒගැන සිතපල්ලා උබලා ගත් මෝඩ තීරණ නිසා මුළු රටම අනතුරේ ..ලගදීම ද්විත්ව පුරවැසිකම ඇති චීන්නු ,දෙමළ කොටිත් පාර්ලිමේන්තුවට එයි ..එවිට කරපු ගොන් වැඩ ගැන සිහිකරමින් ,පැනපල්ලා මුහුදට

      • Kaira says:

        පාර්ලිමේන්තුවේ 225 ආණ්ඩුපක්ෂයද ලක්ෂ 69 වන අපි හා අනෙකුත් අය විපක්ෂයයි.

  2. polgahawela says:

    යකෝ උබලට කොන්දක් න වහල්ලු නොදකින් කාලකන්නි

  3. කැහින්ද මරියා says:

    කුරහං සාටකේ දැක නහුතෙටම කීපී
    අබරං සීය කැරකී පඩයක් ඇරපී
    නූගත් ගමක කොළුවෙක් හොඳ දන්න අපි
    හූනත් මුත්ත වාගෙයි කියලා දුවපී

    • Maha sinhale says:

      කුරහං සාටකේ අද රට විනාශකරන සුළි සුළගක් වී ඇත .
      ජන්දය දුන් ජනතාව බකන් නිලාගෙන ඇත
      කුරහං සාටකයේ පවුලේ පිරිවර සතුටින් පසු වනු ඇත
      භක්ති ගී ගයමින් මුණුපුරන් සමගින්,
      අනාගතයේත් ඔවුන් රජකරවීමට වෙළද දැන්වීම් දමනු ඇත

  4. ගිජුලිහිණි සංදේශය says:

    රට යන අතට තව ඉවසා ඉන්ට බැරි
    මට නොව නුඹට කවි ලියවේ නින්ද වැරි
    පෙර කළ පවට වියතුන් නැත රටක සරි
    ඇට නැති දිවට කොයි අතකට නැමෙනු බැරි

    කටේ නරි වදන් රෙද්දෙන් බේරෙන්නේ
    නංගී පෙන්නලා අක්කාවයි දුන්නේ
    කොරේ පිටට මරයකි ළඟ ළඟ එන්නේ
    දොරටුපාලයා රජ වෙන්නයි යන්නේ

    • මහා හුරා says:

      බැසිල් පාර්ලිමේන්තුවට අවොත් නරියට කුකුල් කොටුව බාරදුන්නා වැනිය …අර්ජුන් මහේන්ද්‍රන් වගේ අපේ මහා බැංකුව හිස් කරලා යයි

  5. jasaya says:

    රට කරවන අය රට කෑවට කමක් නෑ.සිංහලයා නිවටයි කියල කැවුම් නෑමෙන් කියනව .වෙන දේ බලාගෙන ඉමු. හොදක් වුනොත් හොදයි.නරකක් කළොත් රට ගිහින් පදංචි වේවි.එදා මෙදා තුර බලයට පත් වුන අය කරපු දේවල් වල ප්‍රතිළුලය තමා මේ.
    අනේ අපට වෙච්ච දෙයක්.

Main News