බැසිල් පොහොට්ටුවේ ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි..

September 28, 2018 at 8:40 am | lanka C news
බැසිල් පොහොට්ටුවේ ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ස`දහා ක‍්‍රමෝපායික සැලැස්මක් වහාම ක‍්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කරමින් සිටි. අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් සදහා විදේශ ගතව සිටි බැසිල් රාජපක්ෂ මහතා පසුගිය අගහරුවාදා දිවයිනට පැමිණ ඇත. යළි දිවයිනට පැමිණි සැනින් බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සදහා මුල පුරා තිබේ.

පසුගිය මැතිවරණ සියල්ලෙහි ප‍්‍රතිඵල පිළිබද පුඵල් විශ්ලේෂණයක් සිදු කර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය ඡුන්ද ප‍්‍රමාණය විද්‍යාත්මකව පුරෝකතනය කර තිබේ. ඊට අමතරව තවත් විශේෂිත මූලෝපායන් රැසක් ඔස්සේ බැසිල් රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුවේ ජනාධිපතිවරණ මෙහෙයුම සැලසුම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

උතුරු පළාතේ යාපනය, වන්නි සහ කිලිනොච්චි දිස්ත‍්‍රික්ක තුළත් නැගෙනහිර පළාතේ ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත‍්‍රික්ක තුළත් ඡන්ද පදනම පඵල් කර ගැනීමේ නව වැඩපිළිවෙලක් ද ඊට අයත් වේ. ඒ සදහා වන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්ය සාධක බලකායක් ලබන මස මුල දී එම දිස්ත‍්‍රික්ක වෙත මුදාහැරීමට නියමිතව තිබේ. කුඵදුල් ඡන්ද දායකයින් අතරින් බහුතරය ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව වෙත දිනා ගැනීම සදහා ක‍්‍රියාත්මක වැඩපිළිවෙල ද සාර්ථක ප‍්‍රතිඵල අත්කර දෙමින් අවසන් අදියරට පැමිණෙමින් තිබෙන බව ද පොදුජන පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වෙයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය පැවැත්වීම ද එම මෙහෙයුම් ව්‍යාපෘතියෙහි එක් අවස්ථාවකි. දීප ව්‍යාප්තව ග‍්‍රාමසේවා වසම් මට්ටමින් දිවයින පුරා ස්ථාපිත පක්ෂ ශාඛා ජාලය ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට කඩිනමින් සිදු කරමින් තිබේ. ඒ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ස`දහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී දිවයිනේ පළාත් පාලන කොට්ඨාසය අතුරින් 70% කට ආසන්න ප‍්‍රමාණයක් ජයග‍්‍රහණය කිරීමට සමත් විය. එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ද්‍රවිඩ සංධානය ඇතුලූ අනිකුත් සියලූ පක්ෂ එහි දී ජයග‍්‍රහණය කරනු ලැබූවේ කොට්ඨාස 30% ක් පමණි.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

200 views

7 Comments to “බැසිල් පොහොට්ටුවේ ජනාධිපතිවරණ මෙහෙයුම අරඹයි..”

  1. Fernando says:

    GOOD.We are with you.

    • මර්වින් සිල්වා says:

      බැසිල් නිසා මහින්ද පැරදුනු බව කීවෙ විමල් වීරවංශ. දැන් මොකද විමල් කියන්නෙ?
      බැසිල් ගැන මුළු රටම දන්නවා.
      බැසිල් නෙවෙයි මොකා ඡන්ද සටන මෙහෙයවූවත් ඡන්ද ලැබෙන්නෙ මහින්ද නිසා.
      ඔය මොකෙක්වත් ඔනි නැහැ මහින්ද හිටියම ඇති.
      බැසිල්, ගෝඨාභය, චමල්, නාමල් මෙි ඔක්කොමල බැබලෙන්නෙ මහින්දගෙ එළියෙන්.
      මහින්ද නැතිව ගියොත් මුංට යන එන මං නැහැ.

  2. Wijebahu says:

    Hidden Money brought from USA..

  3. Aurora says:

    2010 ජනාධිපතිවරණයේදී අරලියගහ මන්දිරයේ මෙහෙයුම් මැදිරියක් විවෘතව තිබුණ අතර ඒ හරහා පලදායක යෝජනා සහ අනතුරු ඇඟවීම් සිදුකිරීමට හැකිවිය. නමුත් 2015 ජනාධිපතිවරණයේදී අරලියගහ මෙහෙයුම් මැදිරියක් විවෘතව නොතිබූ නිසා උදව් අවශ්‍ය අවස්ථා වලදී කිසිවක් කලනොහැකිව අසරණ වීමට සිදුවිය. එමනිසා 2010 ආකාරයට මෙහෙයුම් මැදිරියක් විවෘත කර දුරකථන මෙන්ම email සම්බන්ධතා ඔස්සේ පුළුල් මෙහෙයුමක් අරඹන්න. පොහොට්ටුවට ජය සිකුරුයි. යමපාලන අපරාධකාර හවුල අතුගා දැමීමට අදිටන්කර ගනිමු. පුළුල් මහජන බලවේගයක් ගොඩනගමු.
    ශ්‍රී ලංකාවේ විශිෂ්ඨම සංවිධායකයා සහ දැවැන්ත මහජන බලයක් එක්වූ කල UNP + JVP + NGO + Separatists අපත හවුල ඇඩ්රස් නැති තත්වයට පත්කළ හැකිය. පොහොට්ටුවට ජයවේවා!

Main News