බැසිල් පොහොට්ටුවේ හැදුවේ දැඩි විරෝධය මැද.. ඒකාබද්ද විපක්‍ෂය ඇති කියා පිරිසක් කීවා..

February 16, 2021 at 6:23 am | lanka C news
බැසිල් පොහොට්ටුවේ හැදුවේ දැඩි විරෝධය මැද.. ඒකාබද්ද විපක්‍ෂය ඇති කියා පිරිසක් කීවා..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ සභාපති ඇමති ජී.එල්. පීරිස් මහතා මෙම අදහස් පල කරන ලදී.

අපේ සන්ධානය තුළ මත ගැටුම් ඇති වීම් අමුතු දෙයක් නෙවේ. පසුවිපරමක් ගන්නවානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භය අපි මතක් කල යුතුයි.  විවිධ අභියෝගවලට මුහුණ දිලයි පක්ෂය පිහිටුවන්න පුළුන් වුණේ. ප්‍රබල මතයක් ඉදිරිපත් වුණා අලුත් පක්ෂයකට අවශ්‍යතාවයක් නෑ කියලා. ඒකාබද්ධ විරුද්ධ පක්ෂයක් ප්‍රමාණවත්. එදා පැවතුණු යහපාලන රජයට විරුද්ධව ප්‍රබල වැඩපිළිවෙලක් පාර්ලිමේන්තුවෙන් ඇතුළත හා පිට ගෙනයාම සඳහා ඒකාබද්ධ විපක්ෂයක් ප්‍රමාණවත් මතය පුන පුනා ගෙන ගියා.

ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විශාල මෙහෙයක් දක්වලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බිහි කළේ. එතුමා ඒක කළේ පැහැදිලි ප්‍රතිපත්තියක් මත පිහිටලා. අපට නිවහනක් අවශ්‍යයි. එතන හිඩසක් තියෙනවා. ඒ හිඩස පිරවීම අවශ්‍යයයි කියලා ස්ථාවරය මත ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා අපේ පක්ෂය බිහිකිරීමට දැඩි උත්සහයක් දැරුවේය.

මාස 15 ක් තුළ පලාත් පාලන මැතිවරණය පැවැත්වුණා. ඒක ප්‍රාතිහාරක් වුණා. දීප ව්‍යාප්ත මට්ටමින් කොට්ඨාශ 71% ජයග්‍රහණය කිරීම අලුත් පක්ෂයට හැකි වුණා. ඊයේ මවුබිම පත්තරේ සිතියමේ තිබ්බා මුළු රටම වෙලාගෙන තියෙනවා. මාස 15 ක් පක්ෂය බිහිවෙලා.

මේ ජයග්‍රහාණයේ පරිමාණය ලෝකයම දැක්කා. එය ප්‍රාතිහාරයක් ආසියාවේ මෙන්ම ලෝකයේ මේ වගේ විශාල ජයග්‍රහණයක් ලබා ගත්තේ නෑ කියලා. ශ්‍රී ලංකා දේශපාලනය සම්පූර්ණ වෙනසක්. රටේ ප්‍රබලම දේශපාලන බලවේග හැටියට නව දේශපාලන පක්ෂය කරලියට පිවිසුණා. අපේ සිතේ මෙවා තියා ගන්න ඕන.

මත ගැටුම් විවිධ මතවාද අපේ සන්ධානයේ දිගින් දිගටම තිබ්බා කියලා මම පෞද්ගලිකව දන්නවා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදි ඡන්ද කොට්ඨාසවල අපේක්ෂයන් සංඛ්‍යාව තීරණය කිරීම අතිශය දුෂ්කර වුණා. විවිධ මත ප්‍රකාශ වුණා. මේ සියලුම ගැටුම් පක්ෂය හා අභ්‍යන්තරව සාකච්ඡා කරලා සුහඳව විසදා ගැනීමට අපිට හැකි වූණා. ඒ සම්ප්‍රධාය දිගින් දිගටම තිබ්බා.

ශ්‍රී ලංකා අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනය ඇතුලත් වෙද්දි ඒ වගේ ත්තවයක් මතු වුණා. සමහර අවස්ථාවලදි තියුණු මත ගැටුම් සන්ධානය තුළ ඇති වුණා. ඒවා සාකච්ඡා මාර්ගයෙන් එකඟත්වයට පැමිණිමට අපි හැකි වුණා. අනාගතයේදී අපි කටයුතු මෙහෙයවීමට බලාපොරොත්තු වන්නේ ඒ විදිහට.

මේ සියලු දෙනාම දේශපාලන අත්දැකීම්වලින් පිරිපුන් පුද්ගලයන්. එමනිසා ඒ විදිහට සාර්ථකව ගෙනියන් අපිට පුළුවන් කියලා දැඩි විශ්වාසයක් තියෙනවා.

සියලු දෙනාම අනිවාර්යෙන් පිළිගන්නවා අවනත වෙනවා කැබිනට් මණ්ඩලය හා රජය තුළ සාමුහික වගකීම කියන ප්‍රතිපත්තිය අපි අවිවාදයෙන් පිළිගන්නවා. එක රජයක් කියන්නේ අනිවාර්යෙන් එක හඬක්. පරස්පර ස්ථාවරයක් රජය තුළ මතු වන්න බෑ.

කැබිනට් මණ්ඩලය යම්කිසි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තිරණයක් ගත්විට. මේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරොත් දුර්විපාක රාශියක් ක්ෂේත්‍ර කිහිපයක අනිවාර්යෙන් උත්ගත වෙනවා. ආයෝජකයින් අධෛර්වත්වීම වලක් වන්න බෑ. එකෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් ඇති වෙනවා.

ඒ වගේම විදේශ සම්බන්ධතතා පිළිබඳ ව්‍යාකූලතාවයක් ඇති වෙනවා මේ තත්වය තුළ. එකේ ශ්‍රී ලංකා රජයට විශේෂයෙන් අහිතකරයි.

එන සතියේ ජිනිවා කවුන්සිලයේ න්‍යාය පත්‍රය ඇතුලත් වෙනවා. අභ්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ  දුර්වල විරුද්ධ පක්ෂය තමයි අද තියෙන්නේ.

පාක්ෂිකයන්ගේ සිත්තුළ දෙගිඩියාවක් තුළින් කිසිම වාසියක් විපක්ෂයට ලබා දීම කොහෙත්ම අවශ්‍ය නෑ. මෙවන් තත්වය තුළ විනය තීරණාත්මක වැදගත්කමින් යුක්ත වෙනවා. අපේ සන්ධානය තුළ මෙවැනි ප්‍රශ්නවලට  සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට යන්ත්‍රණයක් තියෙනවා.  ඒ යන්ත්‍රණය පාවිච්චි වෙනවා විවිධ කාර්යයන් සඳහා.

ජිනිවා කවුන්සිලය ඉදිරියේ ශ්‍රී ලංකා රජය ස්ථාවරය පිළිබඳ පසුගිය සති දෙක තුළ අවස්ථාවන් කිහිපයකදි සන්ධානය නායකයන් සාකච්ඡා කර තිබෙනවා.   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා සාකච්ඡාවට සහභාගි වුණා. ඒකඟත්වයට පැමිණෙමින් තියෙනවා. අද දවලුත් ඒ වගේ සාකච්ඡාවක් තියෙනවා.

ගෙදර ගිනි පිටතට ගෙනියන්න කිසිම අවශ්‍ය නෑ. මෙවැනි ප්‍රශ්න සාර්ථකව විසඳන්න පූළුවන් වුණා කිසිම බලයක් නැති අවස්ථාවලදි. ඒ එකමුතුකම මැනවින් රැක ගැනීමට අපට පුළුවන් වුණා. දැන් තියෙන්නේ හාත්පසම  වෙනස් තත්වයක්.

ලංකා ඉතිහාසයේ ස්වාධිනවත්වය ලබා ගත් පක්ෂයක්. පාර්ලිමේන්තුවේ  2/3 බහුතරයක් තියෙන රජයක් .එකතුකම සහයෝගය ද රැක ගන්න පුළුවන් වුණා නම් මේ සා විශාල බලයක් එක්ක අරමුණ ඉෂ්ඨ කර ගැනීම අසිරු කරුණක් විය යුතුයි කියලා. අප සියලු දෙනාගේ සහයෝගය වන්නේ දැඩි ශ්‍රමයකින් අපි හදාගත්ත රජය ආරක්ෂා කිරීමයි.

තිලක් තේනුවර
මාධ්‍ය අංශ ප්‍රධානි

38,524 views

26 Comments to “බැසිල් පොහොට්ටුවේ හැදුවේ දැඩි විරෝධය මැද.. ඒකාබද්ද විපක්‍ෂය ඇති කියා පිරිසක් කීවා..”

  1. Sura says:

    ඔය කියන ඒවා ඇත්තවෙන්න පුුුුුුලුවන්.
    නමුත්, යහපාලනය මෙරට රජකරවන්න සිදුවුණේ ඇයි කියලා මුලු රටම දන්නනවා.
    ඒනිසා මහජනතාවගේ ඒකායන අපේක්ෂාව, ගරු ජනාධිපති මිසක් වෙන කවුරුවත් නොවෙයි.

  2. හෙලයා says:

    මහින්ද පැරදුන දාට පසු දා බැසිල් ඇමරිකා ගිය බවත් ජනතාව මැදමූලන ගිය බවත් ඉන් පසු විමල්ලා මහින්ද සුලඟ නුගේගොඩ රැලියෙන් පටන් නොගන්නට පොහොට්ටුවක් නැති බව ජීඑල් දන්නවාද?

    • Anuradha says:

      මුන්දෑගේ මහුණ දශක ගණනාවක් දැකල අප්ප්රියාවේ බැහැ.දැන් මුන්දෑ විශ්‍රාම අරගෙන ගෙදරට වේලා කාලය ගතකරන්න අවශ්‍යයි මොකද මොළෙත් පුස්කාල තිබෙන්නේ දැන් මුන්ගේ මුහුණු දකින කොට අපිට මංඤ වගේ.බැසිල් කියන්නේ දිය යටින් ගිණි ගෙනියන්න පුළුවන් කපටි,හොර මොලයක් තිබෙන ජරාම ජරා පප්පෙක්.Mr 10 %

  3. බොල ආචාරි ලොක්කෝ! පක්ශ හදන්න ඕනෑ තක්කඩි උලමෙකුට කලතැකි බොල. හදපු පක්සෙට මිනිස්සු දහස් ගනනින් දිනා ගන්න එක තමා හපන්කොම! විමලයාගේ කතාව අවසන් වෙනකම් මිනිස්සු මීක් නැහැ බලන් ඉන්නවා. බොලාගේ ආචාරි ටෝක් එකට හරි බැසිලගේ නස්පුක් “ගොර ගොරේ” අහන්න ,පාරේ දඩාවතේ යන බල්ලොත් ඉන්නවද බොල. ඉදකින් බැසිලගෙ මුස්පේත්තු මුහුන බල්ලොත් බත් කන්නැහැ

  4. දුටුගැමුණු says:

    පක්ෂයක් හදා ගත්තාට රාජ්‍ය නායකයෝ බිහිවෙන්නේ නෑ මිනිහො !

  5. helaya says:

    car eka basilage wenna puluwan, a wunata eka hariyata pedde wimala mahacharya thumo…

  6. charles says:

    It is true Basil made the Pohotuwa. But you can’t win elections without right leaders who can convince the people . That is the hardest part. Wimal was the who did it well.

Main News