බැසිල් මුදල් ඇමතිකම සමග පාර්ලිමේන්තුවට…?

June 19, 2021 at 9:20 am | lanka C news
බැසිල් මුදල් ඇමතිකම සමග පාර්ලිමේන්තුවට…?

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිධූරයක දිවුරුම් දීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් අතර සාකච්චාවක් ඇති වී තිබේ.

බොහෝ දුරට ඒ මහතා මුදල් අමාත්‍ය ධූරය භාර ගනු ඇති බවද ඔවුනතර සාකච්චා වේ.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව පිවිසිම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී වරයෙකු ඉවත් ඉල්ලා අස්වීම සිදුවනු ඇතැයි ද සඳහන්ය.

කෙසේ වෙතත් මෙම තොරතුරු මෙතෙක් නිලවශයෙන් තහවුරු කර ගැනීමට හැකියාව ලැබුනේ නැත.

දැනට ඇමරිකාවේ පුද්ගලික සංචාරයක නිරත වෙමින් සිටින ඒ මහතා ඉදිරි දින කිහිපයේදී ආපසු මෙරටට පැමිණීමට නියමිතය.

117,244 views

35 Comments to “බැසිල් මුදල් ඇමතිකම සමග පාර්ලිමේන්තුවට…?”

  1. Chandana says:

    දැනට තම මවුරටට ගොස් සිටින ඒ මහතා පුද්ගලික සංචාරයක් සදහා ඉදිරි දින කිහිපයේදී මෙරටට පැමිණීමට නියමිතය

  2. Aurora says:

    2019 ජනාධිපතිවරනෙ වoචාවට මහින්ද දේශප්‍රියට වසර 10 බන්ධනාගාරෙ කියන අධිකරණ තීන්දුව බලා සිටිමු. එහි ප්‍රතිපලේ ගෝටා out. ජනාධිපති තනතුරට නුසුදුසුයි. ගීතා කුමාරසිoහට ලැබුන තීන්දුවමයි.
    එයින් පසු බැසිල් අධි වේගයෙන් ගුවන් තොටුපොළට. හිටියොත් ලoකාවෙ 2019 ජනාධිපති වරනෙදි පගාදුන්නට හිටපු මැ.කො. ට තනියට යන්න පුලුවන්.

  3. Ranjith Dubai says:

    It is going to be the end of Gota’s government and our motherland.

  4. පට්ට හොරා says:

    රනිල් 2015 මහ බැoකු අධිපති කමට අර්ජුන මහෙන්ද්‍රන් පත්කරපු එකේ 2021 version එක.

    (රනිල්ටනම් මොලේ තියනවා, වර්තමාන පොරට නැතිම එක.)

  5. Dengu Nona says:

    Budu Ammo … Maha bankuwe puka paressam kara ganiyo!!

  6. Gijulihini says:

    ඉහ මොළ නැතත් කඳ බඩ ලොකු මේ ගොබිලා
    ඉහ ගෙන කන්න රට තලු මරනා හිවලා
    මහ ලොකු වියත් උගතුන් දෙදනින් වැටිලා
    මහ රජ එහෙයි රට නුඹටයි කී වැඳලා

    -ගිජුලිහිණි

  7. මෝ says:

    වටිනා රටක් එකම එක පව්ලක් විසින් උලා කා විනාස කරන හැටි.