බැසිල් මුළු ලෝකයේම දුෂිතයෙක් කියා ලෝකයම පිලිගන්නවා..- ඇමති විජේදාසගෙන් දැවන්ත ප‍්‍රහාරයක්…

May 29, 2022 at 10:02 pm | lanka C news
බැසිල් මුළු ලෝකයේම දුෂිතයෙක් කියා ලෝකයම පිලිගන්නවා..- ඇමති විජේදාසගෙන් දැවන්ත ප‍්‍රහාරයක්…

විසි එක්වන විවස්ථා සංශෝධනයට එරෙහිව ඇතැමුන් තර්ජනය කරන බවත් බිය ගැන්වීමට හදන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති අවස්ථාව අහිමි කළ යුත්තේ ප්‍රතිපත්තියක් හැටියට බවද පැවසූ ඔහු දැන් පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියා නිසා රටේ ආර්ථිකය විනාශ වු බවත් මුදල් ඇමතිකම ගෙන බොරු අයවැය ඉදිරිපත් කළ බවත් හෙතෙම සඳහන් කළේය.

මුළු ලෝකයම ඔහු ලෝකයේම සිටින දූෂිත පුද්ගලයෙකු බව පිළිගන්නා බවද හෙතෙම පැවසීය.

21 වන වන සංශෝධනය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා මහනුවර අස්ගිරි මල්වතු විහාර වලට ගිය අවස්ථාවේ හෙතෙම මේ බව කියා සිටියේ.

ඉන් අනතුරුව මාධ්‍ය අමතන් ඔහු මේ අදහස් පල කරන ලදී.

“අපේ රට මේ වන විට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත්වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාජ අසහනයක්, තරුණ අසහනයක් මතුවී තිබෙනවා . ඒ සියල්ලටම මුල් වී තිබෙන්නේ අප රටේ මතු වී තිබෙන දේශපාලන අස්ථාවරත්වය යි . එය නිවැරදි කර ගැනීම සඳහා අප හට ගත හැකි ක්‍රියාමාර්ගය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ හිදගෙන විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලය පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන වලට පවරා ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පාරදෘශ්‍ය භාවයකින් යුතුව රජය පවත්වාගෙන යාමයි.

ඒ සඳහා ප්‍රථම පියවර වශයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාදී තිබුණ ස්වාධීන ආකාරයෙන් රාජ්‍ය ආයතන පවත්වාගෙන යමින් දූෂණය වංචාව අකාර්යක්ෂමතාවය නොමැතිවඑම ආයතන පවත්වාගෙන යාම සඳහා පියවර ගැනී . නමුත් 20 වැනි සංශෝධනය මගින්එය අවලංගු කර තනි පුද්ගලයකු මත බලය පැවරීමමතින් තමයි මේ ව්‍යසනය සිදු වී තිබෙන්නේ.

එසේම ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයකු පාර්ලිමේන්තුවට පත් වී පැමිණ මුදල් අමාත්‍යංශයත් භාර ගෙනරටේ ආර්ථිකය විනාශ කිරීමට විශාල වශයෙන් දායක වී තිබෙනවා . එය නිවැරදි කර ගැනීම සඳහා බලාපොරොත්තුවෙනුයි නව අගමැතිවරයෙකු යටතේ මා රජයට එකතු වූයේ .

මේ අවස්ථාවේදී විපක්ෂයට ප්‍රශ්න තිබේ නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි. දහ නමය ප්ලස් කියලා ඒ ගොල්ලන්අදහස් කරන්නේ 19න් එහා ගිය ක්‍රමයක් . ඔවුන්ට තිබෙන ප්‍රශ්නය ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරිමේ තිබෙන බලය අයින් කරන්න කියලයි . අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් වී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය මතයි . එහි ප්‍රධාන වගන්තියක් වන්නේ විධායක ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතුයි කියන එකයි .

රටේ සේනාධිනායකයා විධායක ජනාධිපතියි . ඒ අනුව ජනාධිපතිවරයාගෙන් ආරක්ෂක අමාත්‍ය ධුරය ඉවත් කරනවා නම් ජනමත විචාරණයකට යාමට සිදුවෙනවා . මෙවැනි අවස්ථාක එවැනි දෙයකට යා හැකිද නොහැකිද යන්න ජනතාව අවබෝධ කරගෙන සිටිනවා . ඒ අනුව විපක්ෂයත් අවබෝධ කරගනි කියා අපි බලාපොරොත්තු වෙනවා .

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225දෙනාම එක හා සමානයි . මහජන ඡන්දයෙන් ආවත් ජාතික ලැයිස්තුවෙන් ආවත් ඔවුන් මන්ත්‍රීවරුන් හැටියටයි ගණන් ගැනෙන්නේ . ආණ්ඩුවක් අසාර්ථක වන විට එම වගකීම භාරගත යුත්තේ විපක්ෂය සහ විපක්ෂ නායකවරයා. අපි මාසයක් සාකච්චා කළා ඉල්ලීම් කළා ජනාධිපතිවරයා වෙනම ඉල්ලීම් කළා ආණ්ඩුව භාරගන්න කියා . අගමැතිකම භාරගන්න කියා . මම යෝජනා කරා අපගේ 41 කණ්ඩායම සහ ප්‍රධාන විපක්ෂය එකතුවි රජයක් හදමු කියා . නමුත් එයත් ප්‍රතික්ෂේප කළා .

මම හැම ආණ්ඩුවකින් ම බැටකාලා තිබෙනවා . හැම රාජ්‍ය නායකයෙකු සමඟම ගැටී තිබෙනවා .මේ ජනාධිපතිවරයා සමග මා තරම්ගැටිච්ච කෙනෙක් මේ දේශපාලනයේ නැහැ .තරුණයන්ගේ ප්‍රධාන ඉල්ලීම ගෝඨාගෝකියන එකයි . ගෝඨා ගියානම් කවුද ජනාධිපති වෙන්නේ . පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබෙන්නේ පොහොට්ටුව ටයි . එහෙම වුනොත් වැඩි ඡන්දයෙන් බැසිල් ජනාධිපති විය හැකියි . එය හොඳයි ද කියා තරුණයන්ගෙන් අහන්න කැමතියි .

අපි 21 සම්මත කරගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගෙනරටේ ජනතාවගේ පූර්ණ ආරක්ෂාව සහිත නව ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතුයි ජනතාවගේ අදහස් වලටත් වලටත් ගරු කරමින් . අපි 21 ගෙන ඒමට කිසිසේත් කල් මරන්නේ නැහැ.”

72,572 views

22 Comments to “බැසිල් මුළු ලෝකයේම දුෂිතයෙක් කියා ලෝකයම පිලිගන්නවා..- ඇමති විජේදාසගෙන් දැවන්ත ප‍්‍රහාරයක්…”

  1. Sunil Perera says:

    ඈ යකෝ විජයදාස , තෝත් උන්ටම කත්අදින මහත්මයෙක් වගේ පෙන්නන , හොරුත් එක්කම ජීවත්වෙන දෙබිඩි චරිතයක් ඇති පාහරයෙක්නෙ… උඩින් ලොකු විවේචන , යටින් උන්ගෙ පස්ස ලෙවකෑම.. නොදකින්…

Main News