බැසිල් මෙහෙයුම ක‍්‍රියාත්මකයි.. විපක්‍ෂ 05ක් 20ට පක්‍ෂ වී ආණ්ඩුවට..

October 3, 2020 at 10:40 am | lanka C news
බැසිල් මෙහෙයුම ක‍්‍රියාත්මකයි.. විපක්‍ෂ 05ක් 20ට පක්‍ෂ වී ආණ්ඩුවට..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු හා ආණ්ඩුවට එක් වනු ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ඔවුන්ගේ සහාය ලබා ගැනීමේ මෙහෙයුම ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකරමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටමින් එම පුවත්පත වාර්තා කරයි.

මෙසේ එම සංශෝධනයට සහාය දෙන මන්ත්‍රීවරුන් අතර විපක්ෂයේ සුළු ජාතික පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සිටින බව වාර්තාවේ සඳහන්ය.

පසුගිය මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීධුර 145 ක් ලැබී ඇති අතර ඔවුන්ට සහාය දෙන පක්‍ෂවල මන්ත්‍රීවරුන්ද එකතු වූ විට ආණ්ඩුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 150කි.

නමුත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ඡන්දය අහිමි වීමත් සමඟ මන්ත්‍රීවරුන් ගණන 149ක් වෙයි.

ඒ අනුව මෙම සංශෝධනය සම්මත කර ගැනීමට තවත් එක් මන්ත්‍රීවරයෙකුගේ සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.

47,446 views

8 Comments to “බැසිල් මෙහෙයුම ක‍්‍රියාත්මකයි.. විපක්‍ෂ 05ක් 20ට පක්‍ෂ වී ආණ්ඩුවට..”

  1. Banda says:

    Same old dirty tricks. .

  2. හතර හිනා says:

    බදුර්දීන් සහ බදුර්දීන්ගේ සොහොයුරා නිර්දෝෂි බව දැනටමත් පිලිගන්න ව‌ෙලා.නඩු දාන්න තරම් සාක්ෂිවත් නෑලු.
    ඒ කාලයේ බදුර්දීන් කපනවයි කියපු කැලෑ දැන් රට පුරාම කැප‌ෙනවා.
    දැන් මහබැංකු හොරැ කියපු රනිල් රවී,වඳ සැත්කම් කලා කියපු සාෆි,පාස්කු ප්‍රහාර කලා කියපු බදුර්දීන් කිසි චෝදනාවක් ඔප්පු නොවී යස අගේට ඉන්නවා.
    මේවා ගැන කියලා බලයට ආපු විමල්,ගම්මන්පිල,වාසුලත් යස අගේට ඉන්නවා.
    හැමදාම හොරැ, මිනීමරැවෝ අල්ලනවා කියලා එන උන් හොරැ, මිනීමරැවෝ එක්ක අන්තිමට හනිමූන් ගන්නවා.
    උන් උන් හනිමූන් අරග‌ෙන රමණයේ ය‌ෙදනවා හිතහොඳ ගොබ්බ චන්දදායකයා හැමදාම බඩ ව‌ෙනවා.
    ගොබ්බ රැලට දැන් සැපද ???

  3. John the baptice says:

    හැබැයි ඇමතිකම් වානා.

    • අසරණයා says:

      ඒ කියන්නෙ ආවට කමක් නැහැ ඇමැති කම් එපා කියලා ද .😃

    • The voters says:

      But the people would vehemently protest
      to give ministerial posts as bribes to some
      politicians who have had past bad records and also protest to agree to their undue ,unjustifiable demands.It is better to let the speaker ,as such action would cause more damage to the country than the 20 th amendment. The peoples’ most top priority is for a new constitution with plurality voting system reintroduced.

    • The Citizens says:

      The people would not approve them ,if those tactics are at the expense of motherland’s welfare.

  4. sunil says:

    Kalakanni

  5. හෙට්ටි says:

    තම්බි කාලකන්නි තමා ගන්නේ මදෑ සිජහල අාණ්ඩුවක් පත් කර ගත්තා …බැසිල් තමා ආයෙත් ආණ්ඩුව පරද්දන්නේ

Main News