බැසිල් රාජපක්‍ෂට අගමැති ධුරය…?

December 21, 2021 at 9:20 am | lanka C news
බැසිල් රාජපක්‍ෂට අගමැති ධුරය…?

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහා පරිමාණ දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පී බී ජයසුන්දර මහතා සිදුකළ මූල්‍ය දූෂණ වංචා පිළිබඳව තමන් වසර ගණනක සිට දිගින් දිගටම හෙළි කළ ද ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැති අතර බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත අද ඔහු ජනාධිපති ලේකම් ධුරයට ද පත්ව ඇති බව විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ද දුෂණ වංචා රැසක් ඇති බවත් සී අයි ඒ ඔත්තුකරුවෙකු කිසිදු අනුමැතියකින් තොරව මහ ජනතාවගේ බදු මුදලින් කබ්රාල් මහතා වැටුප් ගෙවා ඇති බව ඒ මහතා පවසයි.

ඒ අනුව පී බී ජයසුන්දර මහතාට සහ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට නීතිය ක්‍රියාත්මක නොවීම විමතියට කරුණක් බවත් ඔහු පැවසීය.

අද වන විට පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලන ඕනෑම දෙයක් ඉටුකරන තත්ත්වයකට පත්ව ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරියේ දී අග්‍රාමාත්‍ය ධුරය බැසිල් රාජපක්ෂ මහතාට ලබාදීමට කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

පොල් කඩන අයෙකුට සිය කාර්යාලයේ වැඩ කටයුතු වැඩකටයුතු කිරීමට බාර දුන්නොත් එය කළ නොහැක්කා සේ බැසිල් රාජපක්ෂ මහතාට ද මුදල් අමාත්‍ය ධුරයේ හෝ අග්‍රාමාත්‍ය ධූරයරයෙ වගකීම ඉටු කිරීමට නොහැකි බවත් ඔහු පැවසීය.

අද රට චිනය ඉදිරියේ ණය උගුලක සිරවී ඇති බවත් චීනය ශ්‍රී ලංකාවට ණය ලබා දී ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට සමස්ත රටම ඔවුන් සතු කර ගනීමට ඉදිරියේ දී කටයුතු කරනු ඇති බවත් විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

එහි දී ලෝක බලවතා වීමට සිහින දකින චීනය ශ්‍රී ලංකාව යුධ උපක්‍රමශීලී මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියේ දී යොදා ගනු ඇති බව විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකට එක්වෙමිනි.

176,227 views

26 Comments to “බැසිල් රාජපක්‍ෂට අගමැති ධුරය…?”

  1. විජේ අයියා නරකද පිස්සූබලූ බේක් ටිකක් වත් බිව්වට නම් says:

    පිස්සූව තද වෙලා. හද මෝරන කාලෙට.මූගිණි පප්පෙක්.

  2. MD says:

    වෛරී දේශපාලුවන්(රාජිත,චම්පික,චන්ද්‍රිකා,සිරිසේන,විජයදාස,දයාසිරි…….)

  3. චි චි බේබි says:

    යහපාලන රජය ගෝටාට, මහින්දට නඩු දාන එක වැලක්වුවේ එවකට අධිකරණ ඇමති විජේස්දාස.

  4. වජිර says:

    විජේදාසත් පට්ට හොරෙක්. ලංකාවේ ලොකුම මඟුල මෙයාගේ පුතාගේ මඟුල. එතකොට නිස්ස්සංක සේනාධිපති මෙයාට සල්ලි දුන්නා අවන්ගාර්ඩ් එකෙන් බේරෙන්න.

  5. මරතේනිස් අයියා says:

    ඔව් ඒක හොඳයි බැසිල් අගමැති කරලා තව ඕනනම් නාමල් මුදල් ඇමති කරන්න පුලුවන්.එතකොට රටට හෙන ගැහුවත් පවුල සංවර්ධනය වෙනවා

  6. බැසිල් අගමැති says:

    මතක තියාගන්න ඊළඟට බිහිවන සන්ධාන රජය ප්‍රධාන පාර්ශවකරුවෙක් තමයි ජවිපෙ. එතනදී හොඳට මතක තියා ගන්න 20ට අත උස්සපු එකෙක් වත් එකේ නොසිටින්න ලෙස වග බලා ගැනීම.

  7. 0.00069 BIYYO says:

    මතක තියාගන්න ඊළඟට බිහිවන රජය තමයි ජවිපෙ. එතනදී හොඳට මතක තියා ගන්න 20ට අත උස්සපු එකෙක් වත් එකේ නොසිටින්න ලෙස වග බලා ගැනීම.

  8. සිංහ නද says:

    විජේදාස ඇතුළු චීන විරෝධීන්ට අන්තර්ජාලය පිළිබඳව පාටමලාවක් ලබාදිය යුතුයි , එවිට ඔවුන්ට වැටහේවි ඔවුන් හිතට එන බහුබූත කියෙව්වම ඒවා ගැන හොඳින් දන්නා අන්තර්ජාලය පරිශිලනය කරන ජනතාව ඔවුන්ට හිනාවෙන බව . චීනය කියන්නේ අනාගත ලෝක බලවතා , එක මොන යකෙකුටවත් වැළක්විය නොහැකි බව ඇමෙරිකාව පවා දන්නවා . චීනය කියන්නේ ඇමෙරිකාවට අතිවිශාල නය ප්‍රමාණයක් ලබාදී ඇති රට . අද වනවිට ලෝකයේ රටවල් වලට ලෝක බැංකුවට වඩා නය සපයා ඇත්තේ චීන බැංකුව . බටහිර රටවල් වල චීනය තවත් කිට්ටු කර ගැනීමට , සංචාරකයන් ගෙන්වා ගැනීමට මහත් පරිශ්‍රමයක් ගන්නවා . අපේ ලින් මැඩියෝ චීනෙට බැන බැන ඉන්නවා . උන් හිතන්නේ චිනේ කියන්නේ රාජපක්ෂලාගේ උපන්ගම කියල . චීනය කියන්නේ 1956 සිට සහ ඊටත් අතීතයේ සිට ලංකාවේ ඉතාම කුළුපග මිත්‍රයෙක් . අද ඊයේ ලං වෙච්ච යාලුවෙක් නෙවෙයි . සැබෑ මිතුරෙක් . රෝහණ විජේවීර තමන්ගේ වෛද්‍ය උපාධිය පවා කපකලේ චීන පාර්ශවයේ ගමන් මග තෝරාගත් නිසා . අද ඉන්න ලපටි ජෙප්පෝ ඕක දන්නෙත් නැහැ

Main News