බැසිල් ලෝක විප්ලවයක් කල අයෙක්.. ඔහු පාර්ලිමේන්තු ආ යුතුයි.. ගෝටාභය-මහින්ද-බැසිල් රට සෞභාග්‍ය කරා ගෙනයනවා..

November 5, 2020 at 3:00 pm | lanka C news

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් තමන් කැමති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පසුබිමත් සමග බිම් මට්ටමේ සිට දැවැන්ත පක්ෂයක් නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද ඔහු පවසයි.

එම පක්‍ෂය මගින් බැසිල් රාජපක්ෂ මහතා වසර හතරක් තුළ ලෝක විප්ලවයක් කළ බවත් පැවසූ ඔහු ඒ ගරුත්වය ඔහුට නිසි පරිදි ලබා නොදුනහොත් ගුණමකුවන් වන බවද කීය.

ගෝඨාභය මහින්ද බැසිල් සුසංයෝගයෙන් යුක්තව රට සෞභාග්‍යයේ දැක්ම කරා ගෙන යෑමට වත්මන් ආණ්ඩුවට හැකියාව ඇතැයි ද ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කුණ්ඩසාලේදී මාධ්‍යවේදීන් අමතමිනි.

28,583 views

42 Comments to “බැසිල් ලෝක විප්ලවයක් කල අයෙක්.. ඔහු පාර්ලිමේන්තු ආ යුතුයි.. ගෝටාභය-මහින්ද-බැසිල් රට සෞභාග්‍ය කරා ගෙනයනවා..”

  1. මගේ රට says:

    ඉන්න රටක් තියෙනවා නේ

  2. Dilshan says:

    ජනතාව දැන් ඔය ව්ප්ලව ගැන හොදට තේරුම් ඇතුව ජීවත් වෙන්නෙ.

Main News