බැසිල් වෙනුවෙන් අස්වන බව කියු තුන් දෙනෙක් තවම හැංගිලා.. අයෙක් මහ බැංකු අධිපතිකම ඉල්ලලා…

July 31, 2021 at 10:00 am | lanka C news
බැසිල් වෙනුවෙන් අස්වන බව කියු තුන් දෙනෙක් තවම හැංගිලා.. අයෙක් මහ බැංකු අධිපතිකම ඉල්ලලා…

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයකු ලෙස දිවුරුම් දීමට මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීම මගහැරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරුන් තිදෙනකු තවමත් එම පක්ෂයේ නායකයන් මග හරිමින් සිටින බව වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එන්නේ නම් තමන් ඕනෑම අවස්ථාවක මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව පවසමින් සිටි කීප දෙනකු පසුව යහපත් ප්‍රතිචාරයක් නොදක්වා ඊට මග හැර ඇත.

ඒ ගැන පොදු ජන පෙරමුණේ ඉහළ පෙලේ ක්‍රියා කාරිකයන් දැඩි කනස්සල්ලකින් සිටින බව ද දැන ගන්නට ඇත.

මින් එක් මන්ත්‍රී වරයකු ඉල්ලා අස්වීම මග හැර ඇත්තේ ඉල්ලා අස් වීමෙන් පසු මහ බැංකුවේ අධිපති ධුරය ලබා දෙන බවට රජය පාර්ශ්වයෙන් පොරොන්දුවක් නොලැබීම නිසා යැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග වලින් පැවසේ.

48,257 views

6 Comments to “බැසිල් වෙනුවෙන් අස්වන බව කියු තුන් දෙනෙක් තවම හැංගිලා.. අයෙක් මහ බැංකු අධිපතිකම ඉල්ලලා…”

  1. Nimantha says:

    well done!!! good people.

  2. එක්නැලිගොඩ says:

    මුං දැනුත් මෙහෙම නම් පොහොට්ටුව පරදිනකොට කොහොම වෙයිද

  3. ලගම හිටපු අය කියන්න ඇති……තෝව මරනව කියල……ඒකයි හේතුව …

  4. ගිජුලිහිණි සංදේශය says:

    ඉබ්බා දියේ දැමමත් හිමිහිට නරියා
    ගෙම්බා උඩ දමා පොලවේ අත ඇරියා
    උම්බෑ කිය කියා තප්පුලනව ගෙරියා
    කම්බා හොරුන් රජවී රට ඇති සිරියා

    ගිජුලිහිණි සංදේශය

  5. Felix says:

    These three MPs are correct and have constitutional rights. If they are on the list, then that is a list the people have given the mandate to appoint and not for the parachute people, regardless of the party. We can see the constitution and law are breaking from the main two parties appointing the MPs. Very recent both were not in the lists, so people have NOT GIVEN a MANDATE.

  6. Nawodhi says:

    Check background of So called CB governor expected University fake Professor. He is real crook and his all degrees are fakes and he is good henchman for many. Check his background from school times on.

Main News