බැසිල් සමග හකීම්ගේ නිවසේදී සාකච්චා කලා.. ලගදීම අපි ස්වාධීන වෙනවා.. මෘතදේහ භූමදානය කරන්නේ 20ය සහාය දුන් නිසා..- මුස්ලිම් කොංග‍්‍රසයේ නසීර් අහමඩ්

March 19, 2021 at 10:25 pm | lanka C news
බැසිල් සමග හකීම්ගේ නිවසේදී සාකච්චා කලා.. ලගදීම අපි ස්වාධීන වෙනවා.. මෘතදේහ භූමදානය කරන්නේ 20ය සහාය දුන් නිසා..- මුස්ලිම් කොංග‍්‍රසයේ නසීර් අහමඩ්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා සමඟ රවුෆ් හකීම් මහතාගේ නිවසේ දී සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා සඳහන් කරයි.

රවුෆ් හකීම් මහතාද සංශෝධනයට සහාය වීම සඳහා කැමැත්තෙන් හිටිය ද ඔහු අවසානයේ පක්ෂ නොවූ නිසා දැන් ඔහු පක්ෂය තුළ තනි වී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ලඟදිම තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කරන බවත් එවිට විපක්ෂයේ ඉතුරුවෙන්නේ රවුෆ් හකීම් පමණක් බවත් ඔහු පවසයි.

කොරෝනා මෘතදේහ භූමදානයට ආණ්ඩුව කැමති වුනේ 20 වෙනි සංශෝධනයට තමන් ඇතුළු පිරිස සහය දැක්වූ නිසා බවද පවසන ඔහු මිනී පෙට්ටි 185ක් භූමදානය කල බවත් එය නිවැරදි ගණනක් බවද ඔහු සඳහන් කළේය. ම

න්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.

35,588 views
Main News