බැසිල් සිරගත කල යුතු බව කියයි….

June 13, 2022 at 12:02 am | lanka C news
බැසිල් සිරගත කල යුතු බව කියයි….

රටට කළ අපරාධය සම්බන්ධයෙන් මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිරගත කළ යුතු බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙසේ පැවසූවේ ” රට බංකොළොත් නම් උත්තරය බංකොලොත් විය යුතුද”යන මැයෙන් විපක්ෂයේ ස්වාධීන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැත්වූණු සම්මන්ත්‍රණයකදීය.

පවුල් දේශපාලනය මෙහෙයවපු මිනිහා අද රටින් තමන්ගේ ගම්බිම් බලා ගොස් ඇති බවත් එවැනි දේවල් කරපු මිනිහකුට මෙහෙම රට යන්න පුළුවන් දැයි ප්‍රශ්න කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ඔහුට දැන් කිසිම වගකීමක් නැතැයිද රතන හිමියෝ පැවසූහ. ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිනාසී ගෙදර ගිය බවත් අද ඔහු ගැන කිසිදු සාකච්ඡාවක් රටේ නැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

– ලංකාදීප

31,846 views

16 Comments to “බැසිල් සිරගත කල යුතු බව කියයි….”

  1. මූ හොරා සිවූරු හොරා....එල්ලා මරන්ට ම ඕනෑ. says:

    මූ හොරා සිවූරු හොරා….එල්ලා මරන්ට ම ඕනෑ.

  2. සරත් says:

    සංඝයාට දේශපාලනය කිරීමට තහනම් කල යුතුය.

  3. සුදු ඇඳගෙන කළු ඇවිදින් says:

    කෝ අපේ බයි මල්ලිලා ඇන්ටිලා අය්යලා අංකල් ල එන්න බලන්න පෝලිමේ ..ඇවිත් දාන්න ලයික් එකක් අපේ හාමුදරුවනගේ කථාවට.
    රෙද්දේ රෙවුණත් බයියෝ බයියෝ ම තමා. ඒ උන්ගේ හැටි..හික්.. හී.. හී.. හික

  4. ඇත්ත says:

    රටේ නීතිය නැති කළ 20 ට අත උස්සලා අධිකරණයේ ස්වාධීනත්වය බලාපොරොත්තු වෙන එක විහිළුවක්. මේ රටේ දේශපාලනයේ ඇති ප්‍රෝඩාකාරී බව අපි වසර දහයකටත් පෙර දුටුව නිසා මෙතුමා ඇතුළු බොහෝ අය පත් කොට එව්වත් එන එන හැම කෙනාම ඒ මඩේ සතුටින් මඩ නාන බව පමණයි දුටුවේ. අධිකරණය ස්වාධීන කරණයට තමයි අරගලය කළ යුත්තේ. ඔය ඉන්න 225 ම පට්ටපල් මජර නරි බවට හැරෙන ගුප්ත ක්‍රමයක් අපේ ව්‍යවස්ථාවේ අඩංගුයි. ඒ නිසා ඔක්කොම අං ගිලල සල්ලිවල පීනන සිහිනය ඇතිව ඉන්නේ. ක්‍රමය වෙනස් කළ යුතුයි.

  5. සිරි අයියා says:

    රසායනික පොහොර තහනම් කිරිමට මුල්වී ගොවිතැන් විනාශ කල රතනත් බැසිල් සමගම එකට මාංචු දැමිය යුතුයි

  6. paule adu ugath harak raja karawa, heki hema thenainma horakamkota pitaratawalapawa thenpath kala jathiyama ratama winasa kala maina thawama nidelle. wiruddawadin mara demu mema dustaya wahama PANINNA PERA siragatha kala yutuyi harak daruwanta prakotiganan, hamba kala sudusukam nethiwa thanathuru dun papistaya siragatha karamu

  7. JR says:

    ඒ යකාට වඩා ජහපාලුවො කරපු ඒව හංගනවද අතන මෙතනයො…

  8. Mahesh says:

    Ratema Krushikarmaya kapu hora kahakadayata mokadda karanna ona?

  9. Boo says:

    තාම හරියට නඩුවක්වත් දාගන්න බැරැව හිරයක් කන්න කතා කරනවා. නොදන්න මගුලකුත් නෑ දන්න බනකුත් නෑ.

  10. Piyadasa Yalagala says:

    We agreed that proposed Basil R…. by Rev Aturaliya … need an open Criminial invesgation is necessay and essential , If He done crime wanted fullt invesgation by Law of our Land. While Democrcay means that Basil R…. so many miseeds of Basil ….so many corruaption against Basil R…did not address any of leagl instituion last several yearsdue his Family Regime by power of Govt and State.

Main News