බැසිල් සීමා නිර්නය ඉවර කලේ නැත්නම් අවුරුදු 10කට ඡන්ද නෑ.. ජයරත්න හේරත් බඩ පැලෙන්න ආණ්ඩුවට දෙයි…

September 27, 2017 at 3:50 pm | lanka C news
බැසිල් සීමා නිර්නය ඉවර කලේ නැත්නම් අවුරුදු 10කට ඡන්ද නෑ.. ජයරත්න හේරත් බඩ පැලෙන්න ආණ්ඩුවට දෙයි…

පලාත් සභා ඡන්දය කල් දැමීම සම්බන්ධව “සිරස” රූපවාහිනියේ “ඊයේ රාත්‍රියේ පැවති “සටන” වැඩසටහනට ආණ්ඩුව වෙනුවෙන් පෙනිසිටි පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා එජාපය නියෝජනය කරමින් විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් සි පෙරේරා සහභාගි වූ අතර එම මතයේම ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද්‍ර ජයතිස්ස හේරත් පෙනි සිටියහ.

ඒ සියල්ලම එක මතයක් නියෝජනය කල අතර පොදු විපක්ෂය මෙන්ම වර්තමාන ඡන්ද කල් දැමීම සම්බන්ධයෙන් නියෝජනය කල හිටපු අමාත්‍ය ජයරත්න හේරත් ඔහුන්ගේ සියලු මතයන් බිදලමින් ජනතාව වෙනුවෙන් පරමාධිපත්‍යය බලය තිබිය යුතුය යන්න සැබෑ ජනතා මතය එහිදි ඉදිරිපත් කලේ ය.

හිටපු අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසුවේ “මේ ආණ්ඩුවේ උදවිය කොට්ඨාස ක්‍රමයට ඡන්දය තියන්න කියලා කිව්වට එදා බැසිල් රාජපක්ෂ මහතා සිමා නිර්නය කටයුතු නිසියාකාරව 98% ඉවර කරලත් මේ ආණ්ඩුවට වසර දෙකාහාමරක් ගියා ඉතිරි වැඩ ටික ඉවර කරලා පලාත් පාලන ඡන්දය තියන්න ඒ වැඩකොටස ඔහු නොකලා නම් මේ ආණ්ඩුවට තව අවුරුදු 10 යනවා ඡන්දය තියන්න යයි ශ්‍රිලනිප මධ්‍යම කාරක සභික හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා පැවසිය.

වීඩියෝව මෙතනින්

40 views

One Comment to “බැසිල් සීමා නිර්නය ඉවර කලේ නැත්නම් අවුරුදු 10කට ඡන්ද නෑ.. ජයරත්න හේරත් බඩ පැලෙන්න ආණ්ඩුවට දෙයි…”

  1. Kings says:

    මේ ආණ්ඩුවෙ ඔලුව තියෙන එක මිනිහෙක් නැහැනෙ ජයරත්න හේරත් මහත්තයො. ඉන්න එවුන් ඔක්කොම දන්නව චන්දයක් තිබ්බොත් උන් ඔක්කොම ගෙදර කියල. ඒ නිසා පුලුවන් තරම් ඉක්මනින් හම්බු කිරීම විතරයි එකම පරමාර්තය.ඒකට රට පාවා දීල හරි වැඩිපුර ඩොලර් ටිකක් හොයන්න වෙහෙසෙනව .

Main News