බැසිල් හිටියනම් ඉන්ධන මිල වැඩි කරන්න දෙන්නෑ..- ලන්සාගේ ප‍්‍රහාරය ජනපතිටද, අගමැතිටද, ගම්මන්පිලටද..

June 14, 2021 at 2:10 pm | lanka C news
බැසිල් හිටියනම් ඉන්ධන මිල වැඩි කරන්න දෙන්නෑ..- ලන්සාගේ ප‍්‍රහාරය ජනපතිටද, අගමැතිටද, ගම්මන්පිලටද..

බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

එනිසා ඉන්ධන මිල අඩු කිරීම සඳහා මැදිහත් වන්නැයි බලශක්ති අමාත්‍යතුමා ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම ජනාධිපති අගමැති ඇතුළු කමිටුවද මේ සඳහා අවධානය යොමු කළ යුතුව ඇතැයි ද ඒ මහතා කියා සිටී.

එසේ නොවුණහොත් සංචරණ සීමා අවසන් වූ පසු ජනතාව ආණ්ඩුවට විරුද්ධ වූ උද්ඝෝෂණය කරනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් උදය ගම්මන්පිල මහතා ඊයේ දිනයේ කියා සිටියේ ඉන්ධන මිල වැඩි කරන ලද්දේ ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් පැවති අගමැති ඇතුළු පිරිසක්ද නියෝජනය කරන ජීවන වියදම් කමිටුවෙන් බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින්ද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සනාථ කලේය.

40,782 views

41 Comments to “බැසිල් හිටියනම් ඉන්ධන මිල වැඩි කරන්න දෙන්නෑ..- ලන්සාගේ ප‍්‍රහාරය ජනපතිටද, අගමැතිටද, ගම්මන්පිලටද..”

  1. කළුතර පුතා says:

    ඈ යකෝ දැන් එතකොට රටේ තීන්දු තීරණ ගන්නෙ මේ කොහේවත් ඉන්න බැසිලෙක්ද. එතකොට ජනාධිපති අගමැති ඇමතිවරු ඉන්නෙ පොල් ගන්නද.

  2. සෙරෙප්පු සුප් says:

    දැන් කවුද තෙල් වැඩි කලේ.
    ඒකනෙ අරය උන්නනම් ඕක වැඩි කරන්න දෙන්නෙ නැහැ.
    එයා ඔපෙක් සංවිධානෙ ලොක්කද​?
    ඒ මොකද්ද ඔපෙක් කියන්නෙ මං එහෙම එකක් දන්නෙ නැහැනෙ.
    එයාද ආණ්ඩුවෙ ලොක්ක​.
    නෑ ඒ මගෙ දෙයිය​.
    සාගරේ නිකන්ම හිඳිල ගියා නේද​?
    මගෙ දෙයිය උන්න නම් හිඳෙන්නෙ නෑ.
    තෙල් ලොක්කගෙ අභියෝගෙ බාර ගන්නවද​?
    ඒකත් මගෙ දෙයියගෙන් අහන්න ඕන​.
    දැන් දෙයිය එනකම් අයිස් ගහන්නද කල්පනාව​.
    ඊයෙ අහූ උනේ අයිස් නෙමෙයිනෙ.
    අපි කියන්නෙ එව්ව නෙමෙයි නිකන් ඉන්නවට අයිස් ගහනව කියන්නෙ.
    ඒකනෙ,මගෙ ඔලුව වැඩ කරන්නෙම අනික් පැත්තට ඇයි දෙයියො අයිස් කියන්නෙ සල්ලිනෙ.

  3. Dilan says:

    කොහේ හිටපු ගෙම්බොද මේ පිම්බිලා ඉන්නේ.

  4. අපි දිත් ව පුරවැසි says:

    මුත් ඵකක් ඉස්කොලෙ ගිය ඵවුන් ඉන්නවාද? ඉන්නවා නම් ඵක එක පන්තියෙන් 1 සිට 10 දක්වා අඩු තරමින් 10 දෙනෙක් ඉදිරිපත් වෙන්න.
    නැතිනම් ගිය ඉස්කෝලේ නම හොයලා දෙන්න කවුරු හරි. ඵතකොට මුගේ අවසානේ ඉගෙනගත්ත පංතිය දැනගන්න පුළුවන්.

    • Jonty says:

      Mu giye negombo santha mariya viduhalata. Al kale 1994. Results nam danne na. Commerce kale

  5. Rana says:

    Meka Amuma Gonek.

Main News