බැසිල් 08 දිවුරයි.. වරාය නගරය ඔහුට.. කෑලි ගැලවෙන අමාත්‍යංශ මෙන්න…

July 4, 2021 at 9:20 am | lanka C news
බැසිල් 08 දිවුරයි.. වරාය නගරය ඔහුට.. කෑලි ගැලවෙන අමාත්‍යංශ මෙන්න…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 8 වැනිදා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත බව සති අන්තා පුවත්පත් වාර්තා කරයි.

ඔහු එදින ඔහු ඊට පසුදිනම ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද දිවුරුම් දෙනු ඇතැයිද එම වාර්තාවල දැක්වෙයි.

ඔහුගේ අමාත්‍යාංශ මාත්‍යාංශය යටතට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි සඳහන්ය.

දැනට කොළඹ වරාය නගරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයත් වන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශය යටතේය.

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇතිකරන අමාත්‍යංශය යටතට ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ, චමල් රාජපක්ෂ මහතාගේ, නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යංශය යටතේ ඇති ආයතන ගණනාවක් පැවරීමට නියමිතව ඇතැයිද එම වාර්තාවන් සඳහන් කරයි.

114,326 views

22 Comments to “බැසිල් 08 දිවුරයි.. වරාය නගරය ඔහුට.. කෑලි ගැලවෙන අමාත්‍යංශ මෙන්න…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    ජයවේවා.. රට ඉදිරියට යනවා. ජෙප්පනි ටෙලිපොන් කබ්බනි තොපි දැන් වැලලියව්

    • කැලණියේ නයා says:

      එකෙම්ම රට ඉදිරියට යන යෑම දැකල ජාත්‍යාන්තරේම පුදුම වෙනව.පාන් ගෙඩියක් ගන්න වැඩිම මුදලක් ගෙවන රට බවට පත් වෙලා ලෝකෙ අන්දමන් නිකබාර් වගේ චූටි දූපත් ටික ඇරුනම අනෙක් හැම රටටම ණය වෙලා මිට්ෂුබිසි වගේ ජීප් වලින් රාජකාරී කරපු පොලිසිය ත්‍රීවීල්කාරයො බවට පත් වෙලා ලෝකෙ බැන්කු පද්ධතිය තුල රටේ නම කිව් සැනින් බ්ලැක්ලිස්ට් වෙලා වාහන වෙනුවට බරකරත්ත ෆෝන් වෙනුවට දුනුඊතල වලින් පණිවුඩ යැවීම පෝර වෙනුවට ගොම වගේ ආතල් ගොඩාක් සෙට් වෙලා මේ රට ඉදිරියට යන යෑමත් එක්ක ටොයියො ජෙප්පො නෙමෙ බයියොත් ෆුල් හොල්මන් වෙන කාලෙ වැඩි ඈතක නෑ මලේ.එතකල් කඩේ පල.

    • Harsha says:

      මුදල් අමාත්‍යදූරය කෙසේ හෝ මහින්දගෙන් ගැල්විය යුතුයි. නැත්නම් අබ සරනයි.

    • බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      කිරිපුතා තැරි දාර බයියෙක් වෙන්නැ පාට කණ්ණාඩියක් දාගත්තම ඕම වෙනෝ මුකුත් පේන් නෑ රට ඉස්සරහට යන හැටි බලාගන්න කිරිපුතා මේ දවස්වල කඩේ පොලේ හාල් පොල් ටික ගන්න යන එදාවේල් කාරයෙක් ගොවියෙක් ධීවරයෙක් වගේ මුණ ගැහිල අහන්න සුද්ද සින්හලෙම්ම කියා දේවී.පිටකොටුවෙ ඩොලර් මාරු කරන තැනකින් ඩොලර් එකක ගාන අහ ගන්න රට යන ඉස්සරා හොදටම පෙනේවි.සිරිලන්කන් ගුවන්සේවෙ තෙල් සන්ස්තාවෙ සහ අනෙකුත් රාජ්‍ය ආයතවල ආදායම සහ වියදම අරන් බලන්න රටේ ණය බර ගැන සුට්ටක් හොයල බලන්න ඉදිරිය හොදටම පැහැදිලි වේවි.පිටරට ඉන්න ලන්කාවෙ එකෙක්ගෙන් ලෝකෙ මිනිස්සු ලන්කාව ගැන දැන් කියන කතා අහන්න හරි ආඩම්බර හිතේවි.විශේෂෙන් පිටරට එක්ක ගනුදෙනු කරන ව්‍යාපාරිකයෙක්ගෙන් ලන්කාව ගැන ලෝකෙ බැන්කු ක්‍රියාකරන විදිහ ණයගෙවා ගන්න බැරි බන්කොලොත් ලෙවල් එකට දාල සැලකීම සොයා බලන්න ඉදිරිය සුපිරියට පෙනේවි

    • Dhammika - Horana says:

      අවජාතක හැගීම් පහල වෙන්නේ ජාතකය කලාවන් උනාම. වරද ජාතකයේ මිස රාජපක්ෂලාට කඩේ යන මේ නරුමයාගේ නොව ඔහුගේ ජාතකයෙයි.
      සැ. යු. – මම ජෙප්පෙක්වත් UNP කාරයෙක්වත් නොව පොහොට්ටුවට චන්දය දී ඒ වෙනුවෙන් පසුතැවෙන කලකිරුණු රටවැසියෙකි.

    • බිංකුණ්ඩා says:

      ගොඩක්ම ඉස්සරහට යවන්න එපා කියපං… ඉන්දියාවෙ වදියි

    • Jagath says:

      රට කෙසේ වෙතත් උන්ගේ කොමිස් කුට්ටිය වැඩිවෙයි. උඹ අන්තිමට කන්න දෙයක් නැති උනාම රාජපක්ෂ ගූ පුච්චන් කාපන්.

  2. බුවල්ලා ආ බකමුනා says:

    සුද්දා ක්‍රියෙෂන්හි ‘ටීචර් පප්පා’ – මෙතෙක් ලාංකේය සමාජයේ නිපැයූ හොඳම ටෙලි චිත්‍රපටය?

    • Amdan says:

      මූට පිස්සුද කසිබල් ටෙලිඩ්‍රාම මේ වෙබ් සයිට් වල ප්‍රොමෝට් කරන්ඩ. උබ සුදත්ත නේද? .පව් බං.

    • රන්වල says:

      කොහොමද සුද්ද ක්‍රියේසන් ගහපු දියසෙන් සෝන්ග් එක ඒක තමා සියවසේ හොදම කොමඩිය.

    • සවි අරික්කාල says:

      ඌ නේද අර මී හරක් ටික දක්කා ගෙන ආවේ කොලඹට?
      බෝගන්වවිලා. 69 ලකෂේ පෙරමුනේ තඩි මී හරකා.

  3. බලපල්ලකෝ මෙයා ආවාම ඇලඩින් ගේ පුදුම පහන අරගෙන එන්නේ දේෂපාලනයත් දැන් ඉඳියන් ටෙලි ඩ්‍රාරාමා එකක් වෙලා 69 ලක්‍ෂයට ජංන් ගිය අංඳන්නේ ඔලුවෙන් මේ යන්නේ පොහොට්ටුවේ අන්තිම කාලය අන්තිමට නෙලුම් පොහොට්ටුවේ නැට්ට පු….. ගහගෙන තමයි නඩේම ගෙදර යන්නේ??????????

  4. Sam says:

    ආයෝජන මණ්ඩල වලට ඇමති වරුන් නම් රොත්තක් හිටියා , වියට් නාමෙට වසරකට USD 50 Billion ආයෝජන එද්දී අපේ රටට 2Billion වත් එන්නේ නැහැ. ඉන්න උන් කොලයක් සහතික කරන්නත් පගාව ඉල්ලන රටක් මේක.

    මුන්ට ඩියුටි ෆ්‍රී වහනයි සියල්ල දෙන්නේ ආයෝජන ගෙනෙන්න, මුන් කරන්නේ තවත් හොරකන් කරන එක.
    ආයෝජනය කරන්න එන උනුත් ආපහු යන විදියට පගා ඉල්ලන එක.

  5. Darshana abayakoon says:

    රාජපක්ශ කෙනෙක්ගෙන් කෑල්ලක් ගලවල දෙනව නම් දෙන්න ඔනේ තවත් රාජපක්ශ කෙනෙක්ට තමයි. ඇනික වරාය නගරය සුදුසුම පුද්ගලයට ලබාදීල තියෙනවා. ඇමරිකන් ජාතිකයෙක් යටතෙ වරාය නගරය තියෙනකොට විදෙස් ආයොජකයන්ය වුනත් විස්වාසයක් ගොඩ නැගෙනව ඇවිල්ල ආයොජනය කරන්න. ඒකයි ගොඨභය ස 20 සම්මත කරල වෙනත් ජාතිකයන්ටත් පාර්ලිමේන්තුවට එන්න ඉඩ හදල දුන්නේ. ඒක තමයි සෞභාග්යේ දැක්ම.

    • බුද්ධි says:

      බැසිල් එනවා..බැසිල් එනවා මිනිසුනේ..
      එදාට කොරුන් ඇවිදිනවා..ගොළුවෝ කතා කරනවා..අන්දයෝ ලෝකය දකිනවා.. වඳ ගෑණුන්ට ළමයි හම්බවෙනවා..

  6. Plato says:

    බිඳ වැටෙමින් ඇති ඩොලරයේ ආධිපත්‍යය රැකගැනීම සඳහා මරාන්තික එහෙත් පරාජිත සටනකට එළඹ ඇති G7රකුසා (Japan,UK, Canada, France, Germany, Italy,US) චීන හා රුසියානු විරෝධී ශුද්ධ වූ සටනක් ප්‍රකාෂ කර ඇති මොහොතක බැසිල් රාජපක්ෂ කපු මහතා සිය ඇමෙරිකන් සංචාරය (වාර්තා වන පරදි) නිමවා නිරුපද්‍රිතව හා සුවදායකව පෙරලා ලංකාවට පැමිණ ඇත.
    මෑතකදී බටහිර කැලැඹවීමට හා ප්‍රකෝප ගැන්වීමට සමත් වූ චීන-ලංකා නව සහයෝගීතා කරළියේ ඇති මොහොතක US රාක්ෂයාගේ කටට ගොස් නිරුපද්‍රිතව හා සුවදායකව බැසිල්ගේ පෙරලා පැමිණීම සහතික කල දොල පිදේනිය කුමක්ද? මේ අවස්තාවේ යකාගේ කටින් බේරී සිටීමට ඇති එකම උපක්‍රමය වන්නේ සියලු දොස් නාකි එළුවෙකු (Old Goat) මත පටවා ගෙල සිඳ චීන-ලංකා සහයෝගීීතාවයන් බිල්ලට දීම පමණක් බව පෙනේ.

  7. ගිජුලිහිණි සංදේශය says:

    රටක ඇති සාරය – ගිලින අවතාරය
    එහි මහ කොටාරය – සොරෙකුටම බාරය
    වැසියනි දිවා රැය – නොකලොත් විචාරය
    සිහියේ තබාගන් – අද මියන්මාරය……

  8. බයියා says:

    මොකා ආවත් මේ රට ගොඩ ගන්න බහැ.මෙ රටේ හොරකම නිදන් ගතවෙලා

  9. ගිජුලිහිණි සංදේශය says:

    පුරා හඳත් ගිලි යකුනට කුමන කජු
    මරා කතිය කිකිළිය දෙන රනින් බිජු
    කිරා කුමට දුගියෙකු අඹු ගතොත් රජු
    සොරා කතත් කපුටාටම දෙමු කේජු

  10. ගිජුලිහිණි සංදේශය says:

    කටේ නරි වදන් රෙද්දෙන් බේරෙන්නේ
    “මල්ලී පෙන්නලා අය්යාවය් දුන්නේ”
    කොරේ පිටට මරයකි ළඟ ළඟ එන්නේ
    දොරටුපාලයා රජ වෙන්නයි යන්නේ

Main News