බෑග් බෝයි කෙනෙකුට කොරෝනා.. ඔහු LPL යන්න සිටි අයෙක්.. ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කැළඹේ..

November 18, 2020 at 10:00 am | lanka C news
බෑග් බෝයි කෙනෙකුට කොරෝනා.. ඔහු LPL යන්න සිටි අයෙක්.. ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කැළඹේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ රැගෙන යන පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ක‍්‍රීඩා භාණ්ඩ රැගෙන යන්නෙකු ලෙස කටයුතු කරන පුද්ගලයකි.

මේ හේතුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

ආසාදිත පුද්ගලයා කොළඹ නගර සභා සීමාවේ පදිංචිකරුවෙකි වන අතර ඉදිරි සතියේ ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක සේවයට යෑමට නියමිතව සිටි පුද්ගලයෙකි.

ඊට පෙර සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයේදී ඔහු ආසාදිත යයි හෙලි වී තිබේ.

මෙම ආසාදිතයා හඳුනාගැනීමත් සමඟ පල්ලෙකැලේ පුහුණුවකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයයේ නිලධාරීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු හෝටල් කාමරයක නිරෝධායනය කර තිබේ.

කෙසේ නමුත් ආයතනය උසස් නිළධාරියෙකු සඳහන් කළේ මෙම ආසාදිතයා හඳුනාගෙන තිබීම ජාතික කණ්ඩායමට ප්‍රශ්නයක් නොවන බවයි.

29,461 views

3 Comments to “බෑග් බෝයි කෙනෙකුට කොරෝනා.. ඔහු LPL යන්න සිටි අයෙක්.. ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කැළඹේ..”

  1. ක්‍රිමිනල් says:

    වසංගතය වසන්තයක් කරගත් බෙබීලට අපගේ හදපිරි මෙව්වා එක ! අඩුම තරමේ දෙවෙනි රැල්ලේ ෆෙස් මාස්ක් එකක්වත් නොබෙදපු බෙබිලා දැන් ක්‍රිකට් වසන්ත ගේන්නේ අපිට තියෙන ආදරේට වෙන්ටෑ ! කොවිඩ් වලින් බැට කාපු සහ කන රටක සෞඛ්‍ය අංශයට බිලියන 120 ක් වෙන්කරනකොට ,පාරවල් හදන්න බිලියන 330 වෙන්කරන එකෙන් තෙරුංගන්න වෙන්නේ , කාපට් කරන එක ,ක්‍රිඩාව රටේ සෞඛ්‍ය ආරක්ශාවට ,වඩා ඉහලින් ඇතිබවයි.ජය ! 😂😂😂

  2. පු u කේ ඉරාජ් ගේ එඩිට් ෆොටෝ එක says:

    මම හිතන්නේ මේ බෑග් බෝය් එක්කෝ හු එන පි නැත්නම් ජේ වී පි. නාමල් මැතිතුමා ක්‍රිකට් ගහල ලකුණු දාගන්න හැදුව විතරයි. මුව රජය අපහසඋතාවය පත්කිරීම ට උත්සහ දැරීම යටතේ අවම මාස 06 ක් වත් බරපතල වැඩ සහිතව හිරේ යවන්න.
    අපේ ස ට තරහ යයි හොඳේ.

  3. Sirimal says:

    Me kaale mona magulakata LPL tyanawada manda
    Munta pissu

Main News