බැදුම්කර බෑණාගේ වාර්තා මාධ්‍යට ආවේ කෙසේදැයි සොයයි.. – මුදල් මණ්ඩලය අමුතු නිවේදනයක් එවයි..

October 12, 2016 at 7:08 am | lanka C news
බැදුම්කර බෑණාගේ වාර්තා මාධ්‍යට ආවේ කෙසේදැයි සොයයි.. – මුදල් මණ්ඩලය අමුතු නිවේදනයක් එවයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ ප්‍රාථමික වෙළෙඳ ආයතනයක් වශයෙන් කටයුතු කරනු ලබන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් හි පරීක්ෂණ වාර්තාව සඳහා පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබුණි.

මෙම වාර්තාව මහජනතාව වෙත නිකුත් කර ඇත්තේ නිසි අවසරයකින් තොරවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් එම වාර්තාව සම්බන්ධයෙන් වන අභ්‍යන්තර ක්‍රියාවලිය සම්පූර්ණ කර එහි අවසන් වාර්තාව මුදල් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැත.

මෙම අනවරස හෙලිදරව් කිරීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව තම අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කර ඇති අතර මෙම වාර්තාව අනවසර ලෙස නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ නීති බලගැන්වීමේ අධිකාරීන්වලට දැනටමත් පැමිණිලි කොට ඇත.
2016 ඔක්තෝබර් මස 03 වන දින පවත්වන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේ දී පීඩාවට පත් බැංකු නොවන මුදල් සමාගම් නගා සිටුවීම සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් ආයතනයේ වර්තමාන කාර්යයන් ඇතුළු ප්‍රාථමික වෙළෙඳ ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ මුදල් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට තීරණය කෙරිණි.

මෙම විශේෂ රැස්වීම නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත අතර මුදල් මණ්ඩලය මෙම විශේෂ රැස්වීම පැවැත්වීමට තීරණය කරනු ලැබුවේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් ආයතනයේ කෙටුම්පත් කරන ලද පරීක්ෂණ වාර්තාව අනවසර ලෙස අනාවරණය වීම පිළිබඳව දැනුවත්වීමට පෙර බව තවදුරටත් දන්වා සිටිමු.

(මෙය මුදල් මණ්ඩලයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද්දකි.)

– biz.adaderana.lk

4 views

2 Comments to “බැදුම්කර බෑණාගේ වාර්තා මාධ්‍යට ආවේ කෙසේදැයි සොයයි.. – මුදල් මණ්ඩලය අමුතු නිවේදනයක් එවයි..”

  1. Dickie Bird says:

    Its not act against the whistle blower what the government must find are about the facts contained in the report.

    Mr. Clean guuuu ga gena Ranil sakkili horek bawata pathwela.

  2. Dickie Bird says:

    Need to find out how the Perpetual got money from the Bank of Ceylon at a lower interest rate and loaned that money to the Central Bank at 13%+ rate in a matter of 15 minutes without the BoC Board approving the loan.

    Will the BoC tell who passed the X amount of money without the bank’s approval?
    How 1b nonds suddenly became 10b and more?

    Mr. Samarasiri of the bond loans dept, can you speak ? Why are you silent ? have you got a your hand in thieves pockets.
    This leaked report on irregularites havebeen prepared by Educated & Intelligent people at the Central bank.

Main News