බෑණාගේ හොර අරක්කු, සිගරට් කන්ටේනරයක් රේගුවට මාට්ටුයි.. මුදාහරින්නැයි ඉහලින් බලපෑම්..
March 20, 2017 at 3:50 pm | lanka C news
නීති විරෝධී ලෙස ගෙන්වන ලද මත්පැන් හා දුම්වැටි තොගයක් සහිත කන්ටේනරයක් පරීක්ෂාවකින් තොරව නිදහස් කරන්නැයි ඉහල රේගු බලධාරියෙකුගෙන් බලපෑම් එල්ල වෙමින් ඇති බව වාර්තා වෙයි.
අඩි 40ක පමණ දිගකින් යුතු මෙම කන්ටේනරය ගෙන්වා ඇත්තේ ඉතාලියේ සිට වන අතර එය රේගුවේ අතිරේක අධ්යක්ෂවරයෙකුගේ බෑණාට අයත් සමාගමක් විසින් ගෙන්වා ඇතැයිද පැවසෙයි.
පුද්ගලික භාණ්ඩ කන්ටේනරයක් සේ සලකා එම කන්ටේනරය නිදහස් කරන්නැයි රේගු නිලධාරීන්ට බලපෑම් එල්ල වී ඇති බවද වාර්තා වෙයි.