බෑණා හෝ මා බැදුම්කර මගඩියට වරදකරුවන් කියා කෝප් වාර්තාවේ නෑ.. – අර්ජුන් මහේන්ද්රන්
November 3, 2016 at 12:00 pm | lanka C news
තමන් හෝ තම බෑණා වන අර්ජුන් ඇලෝසියස් වරදක් කර ඇතැයි බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් වූ කෝප් වාර්තාවේ සදහන්ව නැතැයි තමනට දැනගන්නට ලැබුණු බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා පවසයි.
තමන් අද දිනයේ ආපසු ශ්රි ලංකාවට පැමිණෙන් බවත් කෝප් වාර්තාවේ සදහන් දේවල් තම රාජකාරි සදහා බල නොපාන බවත් ඔහු සදහන් කරයි.
ආපසු පැමිණි පසු රජයේ පස් අවුරුදු සැලසුම් ප්රධානී ලෙස තමන්ට රජයෙන් පවරා ඇති රාජකාරිය පුරුදු පරිදි කිරීමට බලාපොරාත්තු වන විවාහ මංගලෝත්සවයකට සහභාගී වීම සදහා විදෙස් ගත වූ හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.