බෑමයි කියූ ශ‍්‍රීලනිපය-පොහොට්ටුව එක් වෙයි.. අන්තිම මොහොතේ එක් ලයිස්තුවකින් නාම යොජනා බාර දෙති..

December 14, 2017 at 10:22 pm | lanka C news
බෑමයි කියූ ශ‍්‍රීලනිපය-පොහොට්ටුව එක් වෙයි.. අන්තිම මොහොතේ එක් ලයිස්තුවකින් නාම යොජනා බාර දෙති..

මුලින් නාම යෝජනා කැදවන ලද පළාත් පාලන ආයතන 93ක් සදහා නාමයෝජනා බාර ගැනිම අද දිනයෙන් අවසන් විය.

එහිදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බණ්ඩාරවෙල මහ නගර සභාව සදහා එක් ලයිස්තුවක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.

මෙම දෙපිරිස එක්ව නාම යෝජනා බාර දී ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග වැදීම සදහායි.

දෙපාර්ශවය සමගි කිරීම සදහා පැවති සියළු සාකච්චා බිද වැටී තිබියදී බණ්ඩාරවෙල නගර සභාව සදහා දෙපිරිස එක්ව මෙසේ එක් ලයිස්තුවක් දැමීම විශේෂත්වයකි.

මේ අතර ශ‍්‍රි ලංකා පොදුජන පෙරමණු බදුල්ල දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 11ක් සදහා පොහොට්ටුව ලකුණින් තරග වැදීම සදහා නාම යෝජනා බාර දී ඇත.

203 views
Main News