බිත්තර දොලොස්දාහක් සමගින් ලොරියක් පෙරලේ.. මුළු පාරම ඔම්ලට් වෙයි..

September 11, 2018 at 5:30 pm | lanka C news
බිත්තර දොලොස්දාහක් සමගින් ලොරියක් පෙරලේ.. මුළු පාරම ඔම්ලට් වෙයි..

කොළඹ සිට යාපනය දක්වා බිත්තර 12,000 ක් ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඕමන්ත පොලීසිය පවසයි.

ඕමන්ත පොලිසිය පැවසූවේ බිත්තර ප්‍රවාහනය කළ ලොරි රථය අධික වේගයකින් ගමන් කිරීම හේතුවෙන් රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් ලොරි රථය පෙරළි ගොස් ඇති බවයි.

කුඩා ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේදී ලොරි රථයේ බිත්තර 12,000 ක් පමණ ප්‍රවාහන කොට ඇති අතර, බිත්තර ප්‍රවාහනය කළ ලොරි රථය පෙරළීම හේතුවෙන් බිත්තර මාර්ගය පුරා විසිර තිබු අතර, ප්‍රවාහනය කළ බිත්තර විශාල ප්‍රමාණයක් බිදී ගොස් තිබු බවද පොලීසිය පැවසීය.

මෙම අනතුරින් ලොරි රථයේ ගමන්ගත් දෙදෙනා සුළු තුවාල ලබා ඇති අතර, ඔවුනගේ තත්ත්වය බරපතළ නොවන බවද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ ඕමන්ත පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21 views
Main News