බිනර පෝදා පාන්දරම තරුණයෙකු මහමග මරා දමයි..
September 5, 2017 at 8:40 am | lanka C news
බිනර පුර පස්ලොස්වක පොහොහොය උදාවෙනවාත් සමගම දඹුල්ල නගරයේ රොහල ඉදිරිපිට පෙෘද්ගලික වෑන්රථ නැවතුම්පොලේ තිබි පහර දි ඝාතනය කරන්නට ඇතැයි සැක කරණ තරුණ පුද්ගලයකුගේ මලසිරුරක් හමු වි ඇති බව දඹුල්ල පොලිසිය කියයි .
දඹුල්ල නගර වාසියකුගෙන් ලද තෙරතුරක් අනුව මෙම පුද්ගලයා වැඩි සිටි ස්ථාකයෙන් දඹුල්ල රොහලට ගෙන ගිය අතර ඒ වන විටත් මිය ගොස් සිට ඇති බව දඹුල්ල රොහල් ආරංචි මාර්ග බවසයි.
මේසේ මිය ගොස් ඇත්තේ දමුල්ල වල්ගමිවැව ප්රදේශයේ පදිංචි කරුවෙකු වන සනත් කුමාර විජේතිලක නොහොතේ සුද්දා (34) නැමැති පුද්ගලයා බව දඹුල්ල පොලසිය හදුනා ගෙන ඇත. මෙම පුද්ගලයා කාන්තාවන් ලෙස ඇදුම් ඇදගෙන නගරයේ ඇවිදිමට නැමැති පුද්ගලයකු බවද පැවසේ. ඝානයට සම්පන්ධ සැකකරුවෙකු අත්වඩංගුවට ගෙන නැති අතර දඹුල්ල පොලිසිය සිද්ධිය පිලිබදව පරික්ෂණ සිදුකරයි
– මහින්ද උදයසිරි රත්නායක