බිමත්ව අධි බලැති විදුලි රැහැන් කණුවකට නැගි තරුණයෙක් ජිවිතක්ෂයට..
March 18, 2019 at 5:30 pm | lanka C news
බිමත්ව අධිබලැති විදුලි රැහන් කණුවකට නැගි තරුණයෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් අලුත්ගාල්ල ප්රදේශයේ පදිංචි ශිවන් ක්රිෂ්ණ කුමාර් නැමති 30 හැවිරිදි අවිවාහාක තරුණයෙකි.
අධික ලෙස බිමත්ව පැමිණ මෙම තරුණයා විමසුරෙන්ද්ර ජල විදුලි බලාගාරයේ සිට හැටන් දක්වා ඇද ඇති වොල්ටි 33000 ක අධි බලැති විදුලි රැහන් ඇද ඇති කණුවක නැග විදුලි රැහන ඇල්ලිමේදි එම තරුණයා විසි වි බිම ඇද වැටුණු බව ප්රදේශවාසින් පැවසුවේය.
මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
Good. Such idiots do not deserve living in this world. Thota Honda wede, thawa ewage meeharak innawanam, negapiyaw adhi bala viduli rehan kanu walata.
Well said !!!!