බිමත්ව රිය පැදවුවන්ට ලක්ෂ දෙකක් දඩ.. සති 02ක් රියදුරු බලපත්‍ර තහනම්..

July 12, 2019 at 5:30 pm | lanka C news
බිමත්ව රිය පැදවුවන්ට ලක්ෂ දෙකක් දඩ.. සති 02ක් රියදුරු බලපත්‍ර තහනම්..

බිමත්ව රිය පැදවිම චෝදනාව යටතේ හැටන් පොලිසියේ රථ වාහන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගත් රියදුරන් අට දෙනෙකු හැටන් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් වරද පිලිගත් නිසා එක් චුදිතයෙකුට රු විසි පන්දහසක දඩයක් නියම කර චුදිතයන් අට දෙනාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව සති දෙකකට අත්හිටුවිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

දිවයින පුරා බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම යටතේ හැටන් පොලිසිය විසින් පසුගිය දින කිහිපය තුල මෙහෙයුම් සිදු කර අදාල සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුනි.

රියදුරු බලපත්‍රයක් නොමැතිව බිමත්ව රිය පැදවු සැකකරුවන් දෙදෙනෙක්ව  එදිනම හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන්ද වරද පිලිගත් නිසා එක් චුදිතයෙක්ට රු පනස්දහස බැගින් රු ලක්ෂයක දඩයක් ගෙවන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කලය.

– හැටන් රංජිත් රාජපක්ෂ

15,888 Viewers

3 Comments to “බිමත්ව රිය පැදවුවන්ට ලක්ෂ දෙකක් දඩ.. සති 02ක් රියදුරු බලපත්‍ර තහනම්..”

  1. Love nature says:

    සිංහලයන්ට විෂ මත්පැන් බොන්ට දී සිංහලයන් නැති කරණ සුද්දා අපේ පරම්පරා සතුරන් ලෙස මම සලකමි.“

    ධර්මපාල තුමාගේ ශ්‍රේෂ්ඨ කියමන්

  2. UD says:

    ඒ්කනම් කමක් නෑ…

  3. සිංහල බන්ඩා says:

    බේරැවල හෙල්මට් නැතිව මෝටර් බය්සිකල් පැදවූ කාටවත් නඩු නැහැ නේද?

Main News