බිමත් දෙදෙනෙක් ගැටෙති.. අයෙක් මරුට..

May 8, 2020 at 2:13 am | lanka C news
බිමත් දෙදෙනෙක් ගැටෙති.. අයෙක් මරුට..

බිමත්ව පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇති වු ගැටමකින් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව බලංගොඩ පින්නවල පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බලංගොඩ පින්නවල මාරතැන්න ප්‍රදේශයේ පදිංචි වේලුකුමාර් (43) සිව්දරු පියෙකි.

එකම වතු නිවාස පේලියක පදිංචිව සිටි මරණකරු සහ සැකකරු බිමත්ව සිටි බවත්, පසුව දෙදෙනා අතර ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් රාත්‍රි 7 ට පමණ සැකකරු විසින් මරණකරුට උල් ආයුධයකින් ඇණිම නිසා බරපතල ලෙස තුවාල ලබා සිටි වේලුකුමාර් යන අය මාරතැන්න රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බවයි පින්නවල පොලිසිය පැවසුවේ.

ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ටි.එම්.චන්ද්‍රෙස්කර මහතා විසින් පැවැත් වු අතර , එහි දි මහෙස්ත්‍රාත්වරයා පින්නවල පොලිසියට නියෝග කලේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා බලංගොඩ මුලික  රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,561 Viewers

2 Comments to “බිමත් දෙදෙනෙක් ගැටෙති.. අයෙක් මරුට..”

  1. nimalsiri says:

    wesak davase beela verywelaa minee marala BHge vadantikath me hindu bhakthikayo kadala.

  2. සමන්‍ says:

    මත්වන ද්‍රව්‍ය භාවිතා කිරීමේ ආදීනවයන් ලෙස
    වස්තුවෙන් පිරිහෙනව, ශරීර සෞඛ්‍යයෙන් පිරිහිලා ලෙඩ රෝග හැදෙනව, සමාජයෙන් ගැරහුම් ලැබෙනව, නුවණින් පිරිහෙනව, පවට තියෙන ලැජ්ජාව හා බිය නැතිවෙනව, කොලහාල ඇතිවෙනව.

Main News