බිමත් රියදුරන්ට දඩය ලක්‍ෂයයි.. රියදුරු බලපත්‍රය අත්හිටුවයි..

August 7, 2019 at 12:40 pm | lanka C news
බිමත් රියදුරන්ට දඩය ලක්‍ෂයයි.. රියදුරු බලපත්‍රය අත්හිටුවයි..

බිමත්ව රිය ධාවනය කිරිමේ චෝදනාව යටතේ තලවකැලේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියදුරන් සිව්දෙනෙකුට එරෙහිව නුවරඑලිය දිසා අධිකරණයේ නඩු පැවරිමෙන් අනතුරුව සැකකරුවන් සිව්දෙනා වරද පිලිගත් නිසා නුවරඑලිය මහෙස්ත්‍රාත් ප්‍රබෝධ  ජයසේකර මහතා එක් චුදිතයෙකුට රු විසි පන්දහස බැගින්  රු ලක්ෂයක දඩයක් නියම කර රියදුරු බලපත්‍රයක මාස තුනකට තාවකාලිකව අත්හිටු විමට නියෝග කරන ලදී.

තලවකැලේ හොලිරුඩ් වතු යායේ සහ තලවකැලේ නගරයේ පදිංචි චුදිතයන් බිමත්ව  සිය ත්‍රිරෝද රථය ධාවනය කරවන අවස්තාවේ පසුගිය දා තලවකැලේ පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

 

 

88 views

5 Comments to “බිමත් රියදුරන්ට දඩය ලක්‍ෂයයි.. රියදුරු බලපත්‍රය අත්හිටුවයි..”

  1. ඇමති පුතාලවත් අල්ලනවද?

  2. Ab says:

    Very good but it has to be every one.No exception ok.

  3. Kakiya Lea says:

    Apooo 4 denekutane lakshayak gahala tiyenne.Ooka 1ta lakshayak karanna oone.Etakota biila drive nokara Cab ekaka yanawa.Mokada eekata gewanna wenne Rs2,000 , 3,000 vitarai.nathuwa ooka nawattanna behe.

  4. virajini says:

    Is there is any method of identifying sleepy drivers or any punishment for them at least after collision happens?

Main News