බිමල්ට විරුද්දව මෛත‍්‍රිගෙන් නිවේදනයක්…

August 23, 2021 at 3:00 pm | lanka C news
බිමල්ට විරුද්දව මෛත‍්‍රිගෙන් නිවේදනයක්…

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බිමල් රත්නායක මහතා විසින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපල සිරිසේන මහතාගේ නිල නිවස සම්බන්ධව සිදුකළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයකි.

2021.08.22 දින අන්තර්ජාලය ඔස්සේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බිමල් රත්නායක මහතා විසින් ප්‍රකාශ කරමින් සිටියේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා විශ්‍රාම යාමට මත්තෙන් කොළඹ නගර මධ්‍යයේ තිබෙන සුවිශාල මන්දිර දෙකක් එකට එකතු කොට තමන්ට ලියා ගත් බවත්, එය නැවත භාරදෙන වාද යන ලෙසත් ප්‍රශ්න කරන ලදී.

මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් වන අතර එම ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමි. 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනත යටතේ සහ අංක 503/2005 (FR) දරන ශ්‍රේෂ්ඨාධිකරණයේ අයදුම්පත ප්‍රකාරව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට ජීවත්ව සිටින තාක්කල් ජීවත්වීමට නිල නිවසක් රජයෙන් පිරිනමන අතර එය මුළුමනින්ම රජය සතු දේපලකි.

මින් පෙර සිටි සියලුම විශ්‍රාමික ජනාධිපතිවරුන් හටද රජයේ නිල නිවාස පිරිනමා තිබේ. එම සියලු නිවාස රජය සතු දේපලකි. මෙය දේශපාලනය පිළිබඳව හෝ පරිපාලනය පිළිබඳව යම් හෝ සුලු දැනුමක් තිබෙන අයකු ඉතා සරලව දන්නා කරුණකි.

හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ස්ථාපිත කරන ලද තොරතුරු දැනගැනීම පනත යටතේ ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිල නිවාස වල අයිතිය පිළිබඳව කරුණු දැන ගැනීමට හැකි වනු ඇත.

1976 නොබැඳි සමුළුවට ඉදිකරන ලද “සමිට් ෆ්ලැටි” දෙකක් එක්කර ඇත්තේ ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිතුමාගේ කාලයේදීය. මෙම නිල නිවස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ලබාගත්තේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යවරයෙකු ලෙස භාවිතා කර නැවත රජයට භාරදුන් පසුවයි .

එසේ තිබියදී මෙවැනි ප්‍රකාශයක් කිරීම පිළිබඳව අප මවිතයට පත්වන අතර ඉදිරියේදී මෙම ප්‍රකාශය නිවැරදි කරනු ඇතැයි විශ්වාස කරමි.

ස්තුතියි

සමිර දසිල්වා
පුද්ගලික ලේකම්
හයවන විධායක ජනාධිපති

106,312 views

21 Comments to “බිමල්ට විරුද්දව මෛත‍්‍රිගෙන් නිවේදනයක්…”

  1. prasa says:

    මේ ගෙවල් දෙකක් විතරක් නෙමෙයි නේවි එකෙකුත් දාලා වෙනම බිල්ඩින්ග් එකකුත් හදුවා.සම්පුර්න ජිම් එකෙක් පරන බිල්ඩින් එකේ හදුවා.කෙහෙලිය මහත්තයා හිටියෙ ඔය එක බිල්ඩින්ග් එකක විතරයි.ජනදිපති උන ගමන් එයගෙ පලුමු ප්රොජෙස්ට් එක ඔය ගේ හදාගත්තු එක. රටම කාලා දැන් බයිලා ගහනවා

  2. NAK says:

    මූ එදත් බොරුමයි කිව්වෙ අදත් බොරුමයි කියන්නෙ. මූ බොරුවෙ උපතයි!

  3. Felix says:

    The issue is not this statement.
    The JVP or mass need to question how the taxpayer’s money waste when:
    Two Presidents receive the Ex-President’s pension and benefits while receiving salary and benefits as Prime Miniter/Minister and a Member of Parliament. Any of these says that he has declined to receive one of the salary and benefits? This is where the laws, rules, or even the constitution need to change to safeguard and eliminate waste of public funds.

Main News