බිම්බෝම්බයක් පුපුරා අයෙක් මිය යයි.. අයෙකුට බරපතලයි..
September 4, 2018 at 5:30 pm | lanka C news
මුලතිව්, මාන්කුලම, මල්ලාවි මාර්ගය දෙපස තේක්කවත්ත ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරතව සිටියදී ඊයේ (03) සවස බිම්බෝම්බයක් පුපුරා යෑමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව මාන්කුලම පොලීසිය පැවසීය.
බිම්බෝම්බ ඉවත් කිරීමේ ඩෑෂ් නමැති ජාත්‍යන්තර සංවිධානයට අනුයුක්තව සේවය කළ තරුණයින් දෙදෙනෙකු අනතුරට ලක්ව ඇති අතර බ්ම්බෝම්බ ඉවත් කිරීමේදී හමුවු බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමට යාමේදී අනතුර සිදුව ඇති බවට පොලීසිය කියා සිටියේය.
මෙම අනතුරින් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි පද්මනාදන් දිලීපන් නමැති 28 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවටත් වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචි ආර්.නිදර්ශන් නමැති 25 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇත.
තුවාලකරු වැඩිදුර පතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල වෙත යොමු කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි
– වන්නි රොමේෂ් මධුෂංඛ
Is these happenings retribution or hand of God? Tamils wake up. Pay back time ???
කෝ මේ විජයකලා අක්කා.. මයික් එකක් ගෙනත් කියන්න ඒ කාලෙ සුන්දරත්වය.. මෙවා හොයාගෙන අයින් නොකර එකේ වරද සිංහල හමුදාවෙ.. උන් මෙව්වා අයින්කරන්නත් ඕනෙ.. ඒරියා එකෙන් යන්නත් ඕනෙ.. මෙව්ව ගෙනාපු එකා.. අන්න ඒකා උත්තමයා.. දෙයියා.. ඒකට සල්ලි දීපු එවුන්… අපේම අපි ගැනම හිතන එවුන්..