බිම්බෝම්බයක් හමුවේ..

November 3, 2019 at 8:40 am | lanka C news
බිම්බෝම්බයක් හමුවේ..

කිලිනොච්චිය ජයන්තීනගර ප්‍රදේශයේ නැවත පදිංචි වැසියෙකු විසින් ඉදිකිරීමකට වලක් කපන අවස්ථාවේදී වලදමා තිබූ පුද්ගලනාශක බිම්බෝම්බයක් ඊයේ (02) දින හමු වී ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

අදාල නිවාසැයි විසින් සිය ඉඩමේ නව ඉදිකිරීමක් වෙනුවෙන් අත්තිවාරම් වලක් කපන අවස්ථාවේදී අදාල පුද්ගලනාශක බිම්බොම්බය වලදමා තිබියදී හමු වී ඇති අතර පසුව ඒ බව කිලිනොච්චිය පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව එම ස්ථානය පැමිණි පොලිස් නිලධාරීන් විසින් කිලිනොච්චිය අධිකරණයේ නියෝගයකට අනුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහය ඇතිව පුද්ගලනාශක බිම්බෝම්බය ඉවත් කොට නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,821 Viewers
Main News