බිම්බෝම්බයකින් තුවාල වූ අලියාට ප්‍රතිකාර කෙරේ…

June 21, 2019 at 8:02 am | lanka C news
බිම්බෝම්බයකින් තුවාල වූ අලියාට ප්‍රතිකාර කෙරේ…

වව්නියාව පාලමොට්ටෙයි ප්‍රදේශයේදී බිම්බෝම්බයකට හසුවී දින 10 කට ආසන්න කාලයක් තුවාල වී සිටි අලියාට උතුරු පලාත් පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිකාර කළ බවට වව්නියාව වනජීවි නිලධාරී කිර්යාලය පවසයි.

පාලමොට්ටෙයි වැව අසල කැලෑවේ අලියෙකු වේදනාවෙන් කෑගසන බවත් දින 10ක් පමණ අලියාට ප්‍රතිකාරයක් නොමැති බවට ප්‍රදේශවාසීන් පසුගියදා වවුනියාව වනජීවි කාර්යාලයට දැනුම් දී තිබුණු අතර පසුව වනජීවි නිලධාරීන් විසින් අලියාට ප්‍රතිකාර කිරීම සඳහා පශුවෛද්‍ය බීගිරිධරන් මහතාට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා සහ වවුනියාව වනජීවි නිලධාරීන් විසින් පාලමොට්ටෙයි ප්‍රදේශයට ගොස් පැය දෙකක පමණ කාලයක් පුරාවට කැලෑවේ සොයා අලියා සොයා ගැනීමෙන් පසුව බෙහෙත් විදින තුවක්කු ආධාරයෙන් අලියාට ප්‍රතිකාර කල බවට වවුනියාව වනජීවි නිලධාරීන් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,701 Viewers

One Comment to “බිම්බෝම්බයකින් තුවාල වූ අලියාට ප්‍රතිකාර කෙරේ…”

  1. Love nature says:

    විසාල පිනක් තුති පුදමු

Main News