බිම්බෝම්බ තොගයක් හමුවේ…

April 13, 2019 at 5:30 pm | lanka C news
බිම්බෝම්බ තොගයක් හමුවේ…

වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ ඉඩමක් එලිපෙහෙලි කිරීමට ගිය වැසියෙකුට පොළව යට තිබූ පුද්ගල නාශක බිම්බෝම්බ තොගයක් හමු වී ඇති බවට වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

ඉඩමෙහි හිමිකරු විසින් වගා කටයුත්තක් සඳහා බැකෝ යන්ත්‍ර යොදා භූමිය සකස් කරමින් සිටියදී ස්ථාන දෙකෙකදී පොළව යට තිබී බිම්බෝම්බ හමු වී ඇති අතර පසුව ඒ බව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර වෙත දැනුම් දීමට පියවර ගෙන ඇත.

අනතුරුව එම ස්ථානයට ගිය මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් විදෙස් රටක නිශ්පාදිත පුද්ගල නාශක බිම් බෝම්බ 12 ක් සොයාගෙන ඇති අතර පොළව යටින් හමු වූ බිම්බෝම්බ කිසිදු හානියක් නොවන සේ ආරක්ෂිත බහලුමක දමා පොළව යට තැන්පත් කර තිබූ බවද විශේෂ කාර්ය බළකාය පවසයි.

යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙම බිම්බෝම්බ තොගය වලදමන්නට ඇති බවට සැක පල කරන අතර හමුවූ බිම්බෝම්බ සම්බන්ධයෙන් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට අධිකරණ නියෝගයකින් එම බිම්බෝම්බ තොගය ආරක්ෂිත ස්ථානයකදී නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද මඩුකන්ද විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් වැඩිදුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,176 Viewers

One Comment to “බිම්බෝම්බ තොගයක් හමුවේ…”

  1. Dp says:

    ඔය රට බෙදන්නම ඉල්ලන සිවාජිලින්ගම් වගේ උන්ව ඔය ඉඩම් බලන්න ටුවර් එකක් එක්ක යන්නකෝ

Main News