බිම් බෝම්බයක් පුපුරයි.. එක් අයෙකු තුවාල ලබයි…

July 23, 2018 at 1:20 pm | lanka C news
බිම් බෝම්බයක් පුපුරයි.. එක් අයෙකු තුවාල ලබයි…

යාපනය මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි අන්තර් ජාතික සංවිධානයකට අයත් ශ්‍රී ලාංකික සේවකයෙකු අද (23) උදෑසන බිම්බෝම්බයක් පුපුරා යාම නිසා තුවාල ලබා ඇති බවට පලෙයි පොලීසිය කියා සිටියේය.

එම සේවකයා බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී හදිසියේම බිම්බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර තුවාල ලැබූ සේවකයා වහාම පලෙයි රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

තුවාල ලැබූ සේවකයා ආරක්ෂාව වෙණුවෙන් පැළදිය යුතු සියළුම ආරක්ෂිත ඇදුම් හා පළදනා නිසි ලෙස පැලද සිටි නිසාත් ඒ ද්‍රව්‍ය සියල්ලක්ම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කොට තිබූ ඇදුම් හා පැළදුම් නිසා එම සේවකයාගේ ජීවිතයට හානියක් සිදු නොවූ බව බිම් බෝම්බඉවත් කිරීමේ ආයතනයේ නිලධාරියෙකු පවසා සිටියේය.

බෝම්බ පිපුරුමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරුණාරත්න නැමති පුද්ගලයෙකු වන අතර ඔහුගේ තත්වය බරපතල නොවන බවටද පිරික්ෂණ සිදු කරන පලෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

32 views

6 Comments to “බිම් බෝම්බයක් පුපුරයි.. එක් අයෙකු තුවාල ලබයි…”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදුසරණයි

  2. Ganja says:

    So Happy. 4 5 k blast unoth Ape Mahinda udin dinanne.

  3. LION says:

    ඇයි අපි අනුන්ගේ පව ගෙවන්නේ මකබැවිලා යන්න විග්නේස්වරන් විජයකලා සුමන්දිරම් සම්බන්දන්ට ඔවා ඉවත් ක‍රන්න කියමු

    • මිගාර says:

      උඹ බෞද්ධයෙක්ද ?

      • LION says:

        මිගාර
        අනේ නිකම් ආගම් මේවට සම්බන්ද කරගන්නේ නැතුව හිටපං බූරුවෝ

  4. Kalan says:

    This is what Mr. Batalanda wants… This will come to colombo now…

Main News