බිම් බෝම්බයක් හමුවෙයි…

December 5, 2019 at 5:30 pm | lanka C news
බිම් බෝම්බයක් හමුවෙයි…

යාපනය සෝමසුන්දර ඇවිනිව්, දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ පිහිටි කසළ ගොඩක් ආසන්නයේ පුද්ගල නාශක බිම් බෝම්බයක් හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.

කසල ගොඩක් තිබූ ස්ථානයේ අසල්වැසියෙකු විසින් බිම් බෝම්බයක් දැක ඒ බව යාපනය පොලීසියට දැනුම් දීමෙන් පසුව මෙම බිම්බෝම්බය සොයාගෙන ඇත.

අදාල බිම්බෝම්බය ආරක්ෂක අංශ විසින් බාවිතා නොකරන ලද බෝම්බයක් බැවින් එය යුද සමයේදී එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින්  භාවිත කරණ ලද බෝම්බයක් බවත් එය කිසියම් අයෙකු විසින් ඒ ස්ථානයට රැගෙන විත් දමන්නට ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටියි.

අදාළ ස්ථානයේ තවත් බිම් බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය පවතින්නේද යන්න සොයා බෝම්බ නිශ්ක්‍රීය අංශය යොදා පරීක්ෂා කිරීමට නියමිතව ඇති අතර හමු වූ බිම්බෝම්බය අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,368 Viewers
Main News