බිම් බෝම්බ දෙකක් හමුවේ…

September 1, 2019 at 12:00 pm | lanka C news
බිම් බෝම්බ දෙකක් හමුවේ…

යාපනය කරෙයනගර් ප්‍රදේශයේ කුඹුරක දමාගොස් තිබී බිම්බෝම්බ දෙකක් සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අයත් නාවික හමුදා සෙබලුන් පිරිසක් විසින් කරෙයිනගර් ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇති අතර පසුව වෙල්යායක සිදු කල සෝදිසියකදී අතහැර දමා තිබූ ප්ලාස්ටික් භාජනයක් පරික්ෂා කිරීමේදී එම භාජනය තුල මෙම පුද්ගලනාශක බිම්බෝම්බ දෙක හමු වී ඇත.

අදාල බිම්බෝම්බ දැමූ පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර හමු වූ බිම්බෝම්බ නාවික හමුදාවේ බිම්බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,815 Viewers

3 Comments to “බිම් බෝම්බ දෙකක් හමුවේ…”

  1. LION says:

    උතුරේ සැම ගෙයක්ම පරික්ෂා කර හමුදාව තර කල යුතුය

  2. සිරා says:

    තව තව බෝම්බ හමු වේවා !!!! ගෝටා මැතිදුගේ පිනට දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙනවෝ.!!!

  3. Gonsun says:

    Para ltte karuwan thurn karamu

Main News