බිම් මට්ටම හොද නෑ.. මැතිවරණ සිතියම අකුලයි.. පුංචි ඡන්දය කල් දමයි..

September 25, 2021 at 8:40 am | lanka C news
බිම් මට්ටම හොද නෑ.. මැතිවරණ සිතියම අකුලයි.. පුංචි ඡන්දය කල් දමයි..

පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීම සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී තිබේ.

දැනට පවතින පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට අවසන් විය යුතුය ඇති අතර ඉන් අනතුරුව මැතිවරණය පැවැත්විය යුතුය.

ඇතැම් පළාත් පාලන ආයතනයන් මෙම සැප්තැම්බර් මස සිට විසුරුවා හැරීමට බල බල තිබුණත් පළාත් පාලන අමාත්‍යවරයාට එම මැතිවරණය වසරකින් කල් දැමීමට තිබෙන බලතල උපයෝගී කරගෙන මෙම මැතිවරණය කල් දැමීමට සාකච්ඡා කරමින් පවතී.

පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් නිසි ජනතා මෙහෙවරක් ඉටු කරන්නට ඉඩ නොලැබුණු බව ආණ්ඩුවට බලය හිමි පළාත් පාලන ආයතන ප්‍රධානීන් ගණනාවක් රජයේ ප්‍රධානීන්ට දක්වා ඇති කරුණුද මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බවද වාර්තා වේ.

37,804 views

21 Comments to “බිම් මට්ටම හොද නෑ.. මැතිවරණ සිතියම අකුලයි.. පුංචි ඡන්දය කල් දමයි..”

  1. saman says:

    එහෙම අවුලක් නෑ කොටි නැගිටිනවා කියලා සතියකින් චන්දේ තියන්න.

  2. රටේ සම්පත්, ලාබ ලබනව්කර්මාන්ත ඇමරිකන් කාරයින්ට විකුන විකුනා , කොතලාවල පනත් ගෙනත් නිදහස් විශ්ව විද්‍යාල අද්‍යාපනයට කෙලවා කෙලවා, ජාති හිතේශී විමල් උදය වගේ නායකයින්ට රිදවා රිදවා…වරකෝ බොලල්ලා චන්දෙකට එහෙම !

    • ගෞම් ඊයාරාජ් says:

      අම්මොව් එක ! විමල් ,උදයලගේ ළාමක හිත් රිදිලද ? හා හා රිඇක්ට් 😃😃😃

  3. weera says:

    ගුරුවරුන්ගේ හා සම්බන්ධ චන්ද ලක්ෂ 10 ක් විතර තියනවා .වසරකින් හරි දෙකකින් හරි එන්නකෝ මිතුර ජන්දේ ඉල්ලන්න .

  4. චතුරි says:

    උනුත් එකයි, මුනුත් එකයි.

  5. 3% ට බය බයියා. says:

    පාස්කු වගේ කේස් එකක් සෙට් කරලාම චන්දේ කට යයි .

    • LalithM says:

      මේ පාර මාතෘකාවට- ආහාර සුරක්ෂිතතාව ගැලපෙනවද. කාබනික වගාව එක්ක. නැතිනම් බයියොත් එක්ක නැහැ කිව්වත් කමක් නෑ.

  6. ආලය දරාගනු බෑ says:

    හම්මෝ හම්මෝ..මේ ආදරේ,මේ උනන්දුව අපිව කොවිඩ් එන්න කලින් කලා වගේම තවත් දියුණු කරන්න නේද කියලා මතක් වෙද්දි වාවන්නෑ… අපිටනං දැන් දියුණු උනා ඇති සර්.දැන් ඉතුරු සල්ලි වලිං ඔය මහත්තයලට වැඩක් කරගෙන අර ලංකාව වගේ දුප්පත් රටකට ණයටත් ටිකක් දෙමු. කළගුණ සලකන්නත් ඕනනේ අපි.කෙල්ලෙක්වත් මෙච්චර ආදරේ කලේ නෑ අපිට 😊❤️

  7. මොල 7 says:

    අවුලක් නෑ.තව ණය ටිකක් අරං මෙලෝ වැඩකට නැති සම්මන්ත්‍රණ ශාලා,කුළුණු,Airport ,stadium,සොහොන්,කෞතුකාගාර රට වටේම හදල,හම්බන්තොට කැලෑ මැද්දෙ කැලිෆෝනියා සයිස් එකේ පාරවල් ගහල ඒවට රාජපක්ෂ නමත් දාලා project වලිං 10% ගාණෙ කොමිස් අරගන්න.ඒවයෙ photo අරං සංවර්ධනේ කියලා රටට පෙන්නන්න.මෙලෝ වැඩකට නැති තරුණ උන්ටිකකට රජයේ රස්සා ටිකකුත් බෙදාගෙන ගිහින් රාජ්‍ය සේවය තවත් අකාර්‍යක්ෂම කරන්න. පුංචි ඡන්දෙ තියන්න ලං උනාම ගම පලාත බේරගන්න අන්තිම අවස්ථාව කියලා ජ්‍යොතිශය උන්වත් අල්ලං හොද beat එකක් තියන සින්දුවක් ගහන්න.
    මේ දවස්වල ස්වාධීන වෙස් අරං ඉන්න බෛ කටුස්සො ඡන්දෙ විතරක් නෙමෙයි අවයවත් දන්දෙයි ඕන්නම්.

Main News