බිරිදගේ යකඩ පොලු පහරින් සැමියා ජිවිතක්ෂයට…

June 9, 2019 at 12:40 pm | lanka C news
බිරිදගේ යකඩ පොලු පහරින් සැමියා ජිවිතක්ෂයට…

සිය බිරිදගේ විසින් යකඩයකින් ඔළුවට පහර දි තම සැමියා ඝාතනය කර  සැකකාර බිරිද පොලිසියට භාර වි ඇති බව වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලලිත් මහගෙදර මහතා පැවසිය .

මෙසේ ඝාතනය කර ඇත්තේ වටවල නගරයේ සුළු වෙළද ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ආරුමුගන් ජෙයරාමන්  නැමති 45 හැවිරිදි තිදරු පියෙකි.

දිනපතා බිමත්ව පැමිණෙන සැමියා තමන්ට පහර දෙන බවත්, ඊයේ (08) රාත්‍රියේද බිමත්ව පැමිණි සැමියා තමන් පහර දුන් අවස්තාවේ පහර දිම ඉවසා ගැනිමට නොහැකිව සැමියාව නිවස තුල බිමට තල්ලු කර අතට හසු වු යකඩ පොල්ලකින් හිසට පහර දුන් බවයි සැකකාර බිරිද වටවල පොලිසියට පවසා ඇත.

සැමියා බිරිද අතර නිතර නිතර මෙවැනි ආරවුල් ඇති වි ඇති බවත්, මරණකරුගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන්  පසු සිරුර නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන වටවල පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

13,949 Viewers

3 Comments to “බිරිදගේ යකඩ පොලු පහරින් සැමියා ජිවිතක්ෂයට…”

  1. Love nature says:

    විවාහයෙන් පසුව සැමියා සලකනු ලැබුවේ … සැමියා බිරිදගේ දෙවියාය ලෙසින්

Main News