බිරිද කොරෝනාවෙන් මිය ගොස් තෙදිනකින් සැමියත් නිවසේදිම මිය යයි…

May 17, 2021 at 12:40 pm | lanka C news
බිරිද කොරෝනාවෙන් මිය ගොස් තෙදිනකින් සැමියත් නිවසේදිම මිය යයි…

කොවිඩ් 19 වෛරසය අසාදනය වු බිරිද මියගොස් දින තුනකට පසු (16) දින රාත්‍රියේ සැමියාද මියගොස් ඇති බව බගවන්තලාව සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ මතුවිම නිසා මිය ගිය තිදරු මව ඉකුත් (13) දින බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව එදිනම ඇය මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ පදිංචි එස්.පාර්වති නැමති (68) හැවිරිදි තිදරු මවයි.

මිය ගිය කාන්තාව පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ඇති අතර, එම පි.සි.ආර් වාර්තාව (16) දින ලද බවත්, ඒ අනුව ඇයට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත්, එදිනම රාත්‍රියේ ඇයගේ සැමියා වන එස්.වඩිවේල් (76) තිදරු පියා මියගිය බවත්, මිය ගිය සැමියාද පි.සි.ආර් පරික්ෂණයට භාජනය කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

මිය ගිය දෙදෙනාගේ සිරුරු දික්ඔය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බවත්, එම පවුලේ සමාජිකයන් 06 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවද බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩි දුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

57,185 views

4 Comments to “බිරිද කොරෝනාවෙන් මිය ගොස් තෙදිනකින් සැමියත් නිවසේදිම මිය යයි…”

  1. කැප්පෙටිපොළ says:

    5වනය ආරක්ෂා කිරිම මෙහිදි මුලතිව් හා කිලිනෝචිචි කැලා එලි කිරිම සිදුවේ. බොහෝ දෙනා පහසුකම් ඇතිව එහි පදිංචි කර. නායා යන බිම් රත්නපුරය ආදි ප්‍රදේශ වල තියෙන ජිවත් විමට නුසුදුසු ප්‍රදේෂ වගාව සදහා ගත යුතුය.අලි වැට ආසන්නයේ සිටින මිනිසුන්ද එයින් ඉවත් කර කියපු ප්‍රදේෂයේ පදිංචි කරනු ලැබේ.
    6 අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනු ලැබේ. අධ්‍යාපනය අනිවාර්යය නොකරයි. නමුත් කෘර ලෙස ඉංග්‍රිසි අධ්‍යාපනය පැටවිම අහෝසි කරයි. අධ්‍යාපනය කරන්නෙ සිංහල භාෂාවෙන් හා දෙමල භාෂාවෙන් පමණි. සිංහලයො දෙන්නෙක් හමු වුනොත් සිංහලෙන් කථා කරනවා මිසක් ඉංග්‍රිසියෙන් කථාකරන අවජාතකයෝ නොවිය යුතුය.නමුත් ඉංග්‍රිසි ඉගෙන ගත යුතුය. ඒ පිටරට අය සමග හැර අනේවාසික මිනිස්සු සමග ගණුදෙනු කිරිමටයි. දෙමල මිනිස්සු සමග ගණුදෙනු කරන්නෙ සිංහල භාෂාවෙන් පමණි.
    7පළාත්සභා ප්‍රාදේශිය සභා අහෝසි කර ගම්සභා ගෙන ඒම. රෝමානු ලන්දේසි නිතිය වෙනුවට ‍හින්දු බෞද්ධ නිතිය ගෙන ඒම

    • වෛරස් මුදියන්සේලාගේ කෝවිඩ් Return says:

      දැන් කොහොමත් තියෙන්නෙ හින්දු බුද්ධාගමක් තමා…සියවස් ගණනාවක ඉන්දීය ආභාෂයෙන් ගැලැවෙන්න බෑ. ගැලැවුනත් ගැලැවෙන්නෙ මොලේ තියෙන කෙනෙක්. ඔහු හෝ ඇය සැබෑ දුදහම හොයාගෙන යනවා. ඒක අනිත් අයට පෙන්නෙ බුදුදහමට විරුද්ධ දෙයක් විධිහට. අනික් අය හින්දූන් වගේ යාතිකා කරමින්, හෑලි කියවමින්, ,කතන්දර අහමින් , ගස් ගල් පිලිම වන්දනා කරමින් ඉන්නවා.

    • ගමේ මිනිහා says:

      ඇයි කන පැලෙන පිරිත් මන්තර​… හේතුඵල ධර්මයක් කාබාසිනියා කරපු තරම්.

  2. Truth says:

    Dr sudath kiyananam dukata samiya maruna kiyala covid namai.

Main News