බිරින්දෑවරුන් ක්‍රිකට් පිල අල්ලේ නටවති.. තිසර-ෂෙහාන් වලියේ සුලමුල මෙන්න..
January 24, 2021 at 10:26 pm | lanka C news
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පාලනය ක්‍රීඩකයකුගේ බිරිඳකගේ අණසකට පත්ව ඇතැයි මීට වසර දෙකකට තුනකට පමණ පෙර දැඩි කථාබහක් පැතිර යෑමේ මතකයක් ක්‍රිකට් ලෝලීන් තුළ තිබෙනවාට සැක නැත. මෙම බිරිඳ කවුරුන්දැයි ජනමාධ්‍යවේදීන් වන අපගෙන්ද බොහෝ දෙනෙක් විමසූහ.
එම කාලය තුළ ක්‍රීඩකයන් කීපදෙනකුගේම බිරින්දෑවරු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන් බවට පත්ව සිටීම නිසා ස්ථිර වශයෙන් ඒ කවුරුන්ද යන්න කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන් පමණක් දැනුවත්ව සිටියද එය රහසක් ලෙස පැවතුණි. ජාතික කණ්ඩායම නියෝජනය කළ ෂෙහාන් ජයසූරිය පසුගියදා පුවත්පතකට කළ ප්‍රකාශයකින් එම කටකථාව යථාර්ථයක් බවට මේ වනවිට පත්වෙමින් තිබේ. ඇමරිකාවේ පදිංචියට යෑමට පෙර ෂෙහාන් ජයසූරිය හෙළිකළ සිද්ධිය සම්බන්ධයෙන් තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරු සැපයීමෙන් එදා පැතිර ගිය කටකථාවේ සත්‍යයක් තිබිය හැකි බවට ඉඟි පළවී තිබේ.
ලසිත් මාලිංග සහ තිසර පෙරේරා දෙපළගේ බිරින්දෑවරු අතර ඉහත සිද්ධියට පසුව සමාජ මධ්‍යයන් ඔස්සේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයද මෙහිදී අමතක කළ නොහැක. එම සිද්ධීන් දෙකේම එක් පසෙක තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳ සිටිති.
මට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් එපා කළේ තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳයි. ඔවුන් මට ගොඩක් දේවල් කළා. මෙම කණ්ඩායමේ ඉන්න විට තිසර මාව විනය විරෝධී කටයුතුවලට හසුකිරීමට උත්සාහ කළා යැයි ෂෙහාන් පවසා තිබුණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී 2018 වසරේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිද්ධියක් මෙහිදී ෂෙහාන් විශේෂයෙන් මතක් කර තිබුණි.
ඩුබායි ගිය වෙලාවක මමයි, දසුන් ශානකයි, කසුන් රාජිතයි ආහාර ගනිමින් සිටි මේසයට ඒ ක්‍රීඩකයාගෙ බිරිඳ ඇවිත් කිව්වා මාත් එක්ක කථා කරන්න එපා කියලා. මට ගොඩක් ප්‍රශ්න ඇති කළා. මාවයි ඇන්ජලෝ මැතිව්ස්වයි කොටවන්න හැදුවා. ඔය වගේ සිද්ධි ගොඩක් ඇති වුණා යැයි ෂෙහාන් පවසා තිබුණි.
ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එවැනි බලපෑමක් එල්ල කිරීමට තවත් ක්‍රීඩකයකුගේ බිරිඳකට හයිය ලැබීම මෙහිදී වඩාත් කැපී පෙනෙන තත්ත්වයකි. මෙය 2018 වසරේ සැප්තැම්බර් මස පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී වූ සිද්ධියක් වන අතර එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ඇෆ්ගනිස්තානය හමුවේ ඉතිහාසයේ පළමුවරට එක්දින තරග පරාජයක් ලබමින් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවිය.
තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ භාර්යාවන් වැඩි සංඛ්‍යාවක් එම සංචාරයට සහභාගී වී සිටි ආකාරය එම තරගාවලියේ මාධ්‍ය ආවරණයට සහභාගි වූ මාධ්‍යවේදීන්ට දැකගත හැකිවිය.
ෂෙහාන්ගේ මෙම හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින් තිසර පෙරේරා සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබුණේ ෂෙහාන් විනය කඩකරමින් සිය පෙම්වතිය හෝටල් කාමරයේ තබාගැනීමට ගත් උත්සාහය වැළැක්වීමට තමන් කටයුතු කළ බවයි. මෙහිදී ෂෙහාන් ජයසූරිය සිය පෙම්වතිය හෝටල් කාමරයේ තබාගත් බවට ඇතැම් මාධ්‍යවලද පළකර තිබූ අතර එයද කණ්ඩායම් අභ්‍යන්තරයෙන්ම ලැබුණු තොරතුරකි.
සූරියවැවදී පසුගියදා පැවැති එල්.පී.එල්. තරගාවලියේදී ද තිසර පෙරේරා තමන්ට විවිධ කරදර කිරීමට උත්සාහ කළ බව ෂෙහාන් පවසා තිබුණි. එම කරදරවලට මුල් වූයේ ෂෙහාන්ගේ බිරිඳ හෝටලයේ තබා ගැනීම බව දැනගන්නට තිබේ. ෂෙහාන්ගේ සිද්ධියට මූලාරම්භය අතිශයින්ම ඔහුගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ සිද්ධියකි. ගමේ භාෂාවෙන් කියනවා නම් පවුල් ප්රශ්නයකි. එනම් ෂෙහාන් සිය පළමු බිරිඳගෙන් දික්කසාද වීමට ගත් තීරණයයි.
ගජමිතුරු කල්ලියේ සාමාජිකාවක් යැයි කියන ඉහත කී බිරිඳ සම්බන්ධයෙන් එළඹි තීරණය ෂෙහාන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට සෘජු බලපෑමක් කර ඇති බව දැන් පෙනේ. මෙහිදී ඇතැම් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් නඩුවලට පවා වියදම් කළ බව ක්‍රිකට් ක්ෂේත්රයේ කථාබහට ලක්ව තිබේ.
ඔහුයි මායි අතර ප්‍රශ්නයක් තිබුණේ නෑ. එකම ප්රශ්නය මම බිරිඳගෙන් දික්කසාද වෙන්න ගත්ත තීරණය තමයි යැයි ඇමරිකාවේ සිට ෂෙහාන් ‘දේශය’ට පැවසීය.
තිසර පෙරේරා 2017 වසරේ නායකයා ලෙස කටයුතු කළ තරගයකදී තම සහෝදර ක්‍රීඩකයකුගේ පන්දු රුකීමේ දුර්වලතාවකට ඉතාමත් පහත් ලෙස බැණ වැදුණු ආකාරය මුළු ලෝකයේම කථාබහට ලක්විය. එහිදී අපහසුතාවට පත්වූ ක්‍රීඩකයා ෂෙහාන්ගේ සමීප මිතුරකු බව දැනගන්නට තිබේ. ජාතික කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් අතර විරසකයන් ඇති බවද දැනගන්නට තිබේ. ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව තවත් ක්‍රීඩකයන්ගේ මුහුණු හෝ නොබලන බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය කණ්ඩායම තුළ ඇතිවීමට ප්‍රධානම සහ මූලිකම හේතුව බවට පත්වූයේ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට කණ්ඩායම සමඟ විදේශ සංචාරවලට යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර දීම සහ පහසුකම් සැලසීම බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ. මෙම විදේශ සංචාරත් සමඟ බිරින්දෑවරු කල්ලි ගතවීම සිදුවූ බවත් අතර ඒ හරහා ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කිරීම වැනි අකටයුතුකම්ද සිදුවී ඇති බවටත් විවේචන තිබේ.
කෙසේ වුවද ශ්‍රී ලංකාව වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඇද වැටී සිටින අගාධයෙන් ගොඩඒමට මෙවැනි පෞද්ගලික කාරණා ඇද ගැනීම කිසිසේත් උපකාරී නොවන බවද කිව යුතුය.
ක්‍රිකට් ක්‍රීඩකයාගේ කේස් එක ඇදෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත පිලට එරෙහිව සහභාගි වී සිටින තරගාවලියේ ඉදිරි තරගයේදී ශ්‍රී ලංකා පිල සමඟ සිටින කාන්තා නිලධාරිනියකට ක්‍රීඩක විවේකාගාරයට ඇතුල්වීම තහනම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා පිලේ යොවුන් ක්‍රීඩකයකු සහ අදාළ නිලධාරිනිය අතර තරගාවලිය අතරතුරදී සිදුවූයේ යැයි කියන නීතිවිරෝධී සිද්ධියක් පිළිබඳ චෝදනාවක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
දකුණු අප්‍රිකානු සංචාරයේදී ද අදාළ නිලධාරිනිය සහ ක්‍රීඩකයන් තිදෙනකු අතර සිදුවූයේ යැයි කියන නීතිවිරෝධි සිද්ධියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයේ දැඩි කථාබහට ලක්ව ඇති බව වාර්තා වේ. මෙම සිද්ධින් දෙකේම පොදු සාධකයක් වන දකුණු පළාතෙන් ජාතික කණ්ඩායමට පැමිණි යොවුන් ක්‍රීඩකයාට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම කැපී පෙනේ.
ක්‍රිකට් ක්ෂේත්රයේ ප්‍රවීණයන් පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පසුගිය සිද්ධීන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කාන්තාවක් ක්‍රීඩකයන් සමඟ සමීපව කටයුතු කිරීමට යොමු කිරීම අනුවණ ක්‍රියාවක් බවයි. ඉහත සිද්ධීන් දෙකම කණ්ඩායමේ ක්‍රීඩකයන් විසින් කළමනාකරුට පැමිණිලි කර ඇති බවද වාර්තා වේ.
මෙම සිද්ධීන් දෙකේ ප්‍රතිඵලයක් ලෙස කණ්ඩායමේ කළමනාකරැ ලෙස කටයුතු කළ අසන්ත ද මෙල් මහතා පසුගියදා එම ධූරයෙන් ඉවත් වූ අතර ඒ මහතා තවදුරටත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයේ කටයුතු කරයි.
යොහාන් භාසුර
– Deshaya
clintontawuna deda
ජංගි හෝදන උන් cricket ගහනවා බලන් ඉන්න අප්පිරියයි තමයි. ටීම් එකේ වැඩි හරියක් දිවාකරලද කොහෙද lol
කාන්තා නිළධාරිනියක් එක්ක නීති විරෝධි හැසිරීම කියන එක පිලිගන්න බෑ. ඕකට කිසිම කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන් කියලත් මන් හිතන් නෑ, මොකද ගෑනියෙක් එක්ක නිදා ගන්න බෑ කියලා නීතියක් තියෙන්න විදියක් නෑ. බලහත්කාරකමක් වෙලා නැත්තම් ඕක කිසිම අදාලත්වයක් නැති දෙයක්…
Nisi kalamanakaaraya nokiriima hethuwen, Asantha de Mel need to be chased away from holding any post in cricket.
rata atha arala gihin ehe idan dodawana ekek gana monawata karadara wenawada manda…
මේ හැමොත් එක්කම මාරුවෙන් මාරුවට නිදියන බිරින්දෑවරු නිසා ක්‍රිකට් ක්‍රීඩාව වළපල්ලට යනවා
අද මැච් එකත් බලු වෙන්න පරාදයි.දැන් ඉතිං සේරම එකතුවෙල දොස්තර ගෑනිට ගහපියව්.දැන් බල්පුවම ක්‍රිකට් කාලා තියෙන්නෙ ගෑනුනෙ.ඔය ගෑනු සෙටෙක පාලක මන්ඩලේ එවුන්ටත් උස්සල ඇති අනිවා.ඒකයි උන් ඔච්චර,බලගතු.
ethakota gon pot ekakda sri lanka cricket kiyanne