බිරිඳගේ අනියම් සබදකමක් හසුවී සැමියා පිහියෙන් අනී.. බිරිද මියයයි..

May 1, 2020 at 2:02 am | lanka C news
බිරිඳගේ අනියම් සබදකමක් හසුවී සැමියා පිහියෙන් අනී.. බිරිද මියයයි..

කාලයක් තිස්සේ පැවැති බිරිඳගේ අනියම් සම්බන්ධතාවය හේතුවෙන් කලකිරි සිටි විවාහක දෙදරු පියා විසින් සිය බිරිඳගේ පපුව ප‍්‍රදේශයට සිදු කරන ලද පිහි ඇණුමෙන් එම කාන්තාව මිය යෑමේ සිද්ධියක් හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයේ එරමිණිගම්මන ග‍්‍රාම නිලධාරි වසමේ මොලිගමුව ප‍්‍රදේශයෙන් පොලිසියට වාර්තා වි තිබුණි.

මෙ වන විට පිහි ඇණුමෙන් බරපතල තුවාල ලබා මිය ගොස් ඇති කාන්තාවට වයස අවුරුදු 41 ක් වන අතර ඇය නමින් කේ. සුජානි සංගීතා නම් වෙති. පිහි ඇණුම සිදු කරන ලද ස්වාමියා මේ වන විට හෙම්මාතගම පොලිසිය විසින් අත්අංඩංගුවට ගෙන ඇති අතර ඔහුට වයස අවුරුදු 42 කි.

බිරිඳ විසින් අවස්ථා කිහිපයකදි අනියම් සම්බන්ධතා පැවැත්විම හේතු කර ගෙන මෙම නිවසේ නිතර නිතර පවුල් ආරවුල් සිදු වි ඇති අතර පොලිසියට සිදු කරන ලද පැමිණිලි වලින් පසුව පොලිසිය විසින් මේ දෙදෙනාට අවස්ථා කිහිපකදි අවවාද කර ඇති බවද පොලිසිය පවසයි.

පාසල් යන වයසේ දියණියක සහ පුතෙකු සිටින මේ යුවල පවුලේ සමගිය ආරක්ෂා කර ගනිමින් දරුවන්ගේ අනාතගත අභිවෘද්ධිය වෙනුවෙන් දෙමාපියන්ට සමගියෙන් සිට ආදර්ශමත්ව ජිවත් වන ලෙසට අවවාද කර ඇති පොලිසිය මිට සති කිහිපයකට පෙරත් මෙම දෙදෙනාට අවවාද කර ඇති බවද අප කරන ලද විමසිමකදි පොලිසිය විසින් පැවසිය.

එවැනි පසුබිමක් යටතේ මෙම දෙදෙනා එම නිවසේ දරුවන් සමග ජිවත්ව ඇති අතර නැවත වතාවක් මිය ගිය කාන්තාව අනියම් පුරුෂයා සමග දැනට දින කිහපයකට කලින් කතා බස් කරන අයුරු දැක ඇති විවාහක ස්වාමියා විසින් උණුසුම් වචන හුවමාරුවකින් පසුව අදාල නිවසේදි පිහි ඇණුම සිදු කර ඇති බව වාර්තා විය.

මෙ වන විට මිය ගිය කාන්තාවගේ දේහය හෙම්මාතගම පර්යන්ත රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරමින් පවතින බවද වාර්තා විය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

19,380 Viewers

2 Comments to “බිරිඳගේ අනියම් සබදකමක් හසුවී සැමියා පිහියෙන් අනී.. බිරිද මියයයි..”

  1. අසංඛ්‍ය says:

    සැමියාගේ යටතේ සිටිය යුතු කාන්තාව අනාචාරයේ යෑම ඉතා ඛේදනීය තත්වයක්. සැමට ආදර්ශයක් පිණිසත් තම ගැටළුව නිරාකරණය නොවීමෙන් කළ කිරිණු සැමියා ගත් පියවරට වැරදි කියන්න බෑ. නමුත් මෙතන් ඉලක්කය විය යුතුව හිබුණේ අනියම් සැමියාවයි. කර්මය ඇයට පටිසන් දී ඇත.

    “ධම්මෝ හවේ රඛ්කති ධම්මචාරී”

  2. susantha kumara says:

    යකෝ පංසල් වල පිරිත් දාන්න ශබ්ද මට්ටමක් නිර්දේශ කරන්න.නැතහොත් මෝඩ හාමුදුරුවන් සහ ඇබිත්තයෝ මහ ශබ්දයෙන් පිරිත් දානවා.මෝඩ සිංහලයාට ඈම්ප් එකයි ස්පීකර් දුන්න එක තමයි ලොකුම විනාසෙ.අපේ ලංකාවේ මෝඩයන්ට වෙන රටවල් කාටවත් නැති පිස්සුවක් තියෙනවා.ඒ වෙන මොකක්වත් නෙවෙයි
    තමන් අහන දේ අනිත් මිනිස්සුන්ටත් ඇස්සවීමේ ආසාව.අනිත් අය ඒකට කැමති අකැමැති බව උන්ට අදාල නෑ.ත්රීවීල් කාරයෝ,ප්රියිවට් බස් කාරයෝ ඒ අතරින් ප්රමුඛයි.හාමුදුරුවෝ ගෙනුත් එලියට එන්නෙ ඒක.අපේ පන්සලේ තමයි පිරිත් දාන්නේ කියලා ලෝකෙට පෙන්වීමේ අමනභාවයෙනුයි හාමුදුරුවෝ ක්රියාකරන්නේ.
    මේ ගොං හාමුදුරු හැත්තක් නිසා උදේට හවසට කනක් ඇහෙන්න නෑ.නිදහසේ නිදාගන්න නෑ.කොයිවේලෙත් යටිගිරියෙන් පිරිත් දානවා.පිරිතක් අහල් සිත නිවාගන්න වෙලාවක් තියෙනවා.ඒත් දැන් වෙලා තියෙන්නෙ කනකොටත් පිරිත්,වැසිකිලියට යනවිටත් පිරිත්,හවස ගෙදර ඇවිත් ගෑනි එක්ක අහවල් වැඩේ කරද්දිත් පිරිත්.
    ඒකත් 85Db තරම් ඉක්මවූ ශබ්දයෙන්.මේක දහම විකුර්ති කිරීමක්.ඒකට හරියන්න “තරුණ කැල”කියලා ගමේ ගොං හැත්තකුත් ඉන්නවා .උන් හංදියක කක්කුස්සියක හරි කමක් නෑ ලවුඩ්ස්පීකරයක් අටවගෙන අපේ කං අඩි පලනවා.නිකමට හිතන්න හවසට ගෙදර යනකොට කී තැනක ලවුඩ්ස්පීකර් අටවගෙන ඉන්නවද කියලා.
    උදේ පැය 1යි හවස පැය 1යි ගානෙ පැය 2ක් මිනිසුන්ට ගෙවල්වල සිටින එක පවා එපාකරවනවා මුන්ගේ වැඩ නිසා.මෙතන ඉන්න සමහරු රෙදි උස්සන් කෑගැහුවට මේවයින් පීඩාවට පත්වෙන ලක්ෂ ගානක් මේ ප්රකාශයට එකගයි.වෙනත් කිසිම ආගමක ඉවක් බවක් නැතුව ලවුඩ්ස්පීකර් දාන්නේ නෑ.මුස්ලිම් ආගමේ උනත් ව්.15 ගානේ දවසප 5 වතාවයි.
    මේ නූගත් හාමුදුරවන්ට,ගොං දායකයන්ට ඕන ඕන විධිහට තාක්ෂණය උපයෝගී කරගත්තොත් වෙන් විනාශය අතිමහත් .යකෝ ලවුඩ්ස්පීකර් කියල එකක් පන්සල් වල එල්ලගන්න පටන්ගත්තෙ 1980 ට පස්සේ.ඒට කලින් එහෙම එකක් තිබුනෙ නෑ.බුදුහාමුදුරවන්ගේ
    කාලෙත් පිරිත් කිව්වේ හංදියක් ගානේ පීකර් බැදගෙනද?රටේ නීති කඩමින්,ශබ්ද දූෂණය කරමින් පිරිතේ ආනිසංසේ ගැන කියවන මෝඩ බෞද්ධයෝ.එහි විද්යාත්මක පදනම අපිත් දන්නවා.පිරිත් අහන්න ඕන විධිහක් වෙලාවක් තියනවා.ඒ හැමදේම නැතිකරලා පිරිතත් එපාකරවනවා මේ ගොං තරුණ කැලයි හාමුදුරුවරු වරුයි.
    විවුර්ත් සංවාදයට…(බනින අය පෝලිමට එන්න)

Main News