බිලියනපතියෙකුට මත්පැන් නිෂ්පාදනාගාර බලපත‍්‍රයක්..?

May 15, 2021 at 1:20 pm | lanka C news
බිලියනපතියෙකුට මත්පැන් නිෂ්පාදනාගාර බලපත‍්‍රයක්..?

නව මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු වෙත ලබාදීමට සූදානම් වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව තුල මේ වන විට මත්පැන් නිෂ්පාදනය සඳහා බලපත්‍රලාභී සමාගම් 24ක් ක්‍රියාත්මක වේ.

එම සමාගම්වල නිෂ්පාදන ධාරිතාව රටේ මත්පැන් පරිභෝජනය කරන්නන්ගේ අවශ්‍යතාවයටත් වඩා අතිරික්තයක් වන තවත් මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් ලබාදීමට සූදානම් වන්නේ එවන් පසුබිමකය.

ලංකාවතුල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර සහිත සමාගම් 24 ක් ක්‍රියාත්මක වුවත් රජයට වාර්ෂිකව ලැබෙන සුරාබදු ආදායමෙන් වැඩිහ කොටසක් ගෙවන්නේ බලපත්‍රලාභී සමාගම් කිහිපයක් පමණි.

අනෙකුත් බලපත්‍රලාභී සමාගම් සුරාබදු ආදායම් වශෙන් රජයට ලැබෙන්නේ සුළු ප්‍රතිශතයකි.

42,361 views

21 Comments to “බිලියනපතියෙකුට මත්පැන් නිෂ්පාදනාගාර බලපත‍්‍රයක්..?”

  1. ගොනාට අo says:

    නිත්‍යානුකුලව නිෂ්පාදනය කරන අරක්කු ස්කාගාර සියල්ලම වහල ගෘහ කර්මාන්තයක් වශයෙන් කසිප්පු සහ හැලිඅරක්කු නිෂ්පාදනයට අතහිත දෙමු. එයින් ජනතාවගේ ජිවන තත්වය වැඩිදියුණු කරන්න පුළුවන්. එහෙම තියෙද්දී තව තවත් ස්කාගාර වලට ලයිසන් දෙන්නේ ඇයි. ගරු ස්වාමින් වහන්සේලා ජාතිය, ආගම ගලවාගැනීමට පෙරට එන්න.

    • Saleem says:

      ගරු ස්වාමීන් වහන්සේලා සිවූර ඇද ඇද හති දදා දුවගෙන එන්නේ මුස්ලිම් පල්ලියක් හදන කොට විතරයි. ඇයි කිව්වොත් උන්ගේ සැටි එකත් බේබද්දෝ නිසා. වැටි වැටි වැදපල්ල

  2. Pasil baka says:

    Handuruwane… api sherama nawaththanawaa…! Shapada ado…! Giya aanduwath ekayi munuth ekayi jeppoth ekayi…? Ape ratata onee aluth wenasak..! Nathnam Ratama iwarayi…

  3. bolpilima says:

    කොතනට යැව්වත් වැරදි දේ වැරදිම තමා

  4. Dengu Nona says:

    paarlimenthuwa iskaagaarayak karalaa kasippu joniyata ekath vikunalaa dammaama ape rata arakkuwalin swayan poshitha wewi. Gahapalla Machaan .. Sinhayaa Lakuna darana Origina Sinhalal Bauddha Arakku!!

  5. Love nature says:

    අරක්කු බීමෙන් ප්‍රශ්න අමතක වන බවත් සතුටක් ලැබෙන බවත් බිය නැති සටන්කාමී පුද්ගලයන් බවට පත්වන බවත් සමාජය පුරා ව්‍යාප්තව ඇති තවත් එවැනි මිථ්‍යා විශ්වාස කිහිපයකි. කිසිදු අවස්ථාවක අරක්කු පානය කිරීම තුළින් කිසිම ප්‍රශ්නයක් නොවිසඳෙන අතර අරක්කු බීම තුළින් පැරණි ප්‍රශ්න ද නැවත මතක් කරමින් ගැටුම් ඇති කරගන්නා අවස්ථා දක්නට ලැබේ. ඇල්කොහොල් රසායනිකය මිනිසුන් අවපීඩනයට පත්කරන අතර මත්ද්‍රව්‍ය, මත්පැන්, මද්‍යසාර පානය කරන අවස්ථාවල මුහුණු හැකිලී යන්නේ එයින් සතුටක් ලැබෙන නිසා ද යන්න දෙවරක් සිතා බැලිය යුතු කාරණයකි.

    දරුවන් මද්‍යසාර කෙරෙහි නැඹුරු වීමට තවත් කාරණාවක් වන්නේ පවුලේ හෝ නිවසේ පැවැත්වෙන සාද උත්සව, ප්‍රිය සම්භාෂණ ආදියෙහි මද්‍යසාර පිළිගැන්වීමේ පිළිවෙතයි. මේවා දකින දරුවන් තුළ මද්‍යසාර භාවිතය නිසා මෙම ප්‍රියසාද අවස්ථා රසවත් ස්වරූපයක් ගන්නා බවට විශ්වාසයක් ඇති වේ. ඒ තුළින් අනාගතයේ දී මද්‍යසාර භාවිතයට පෙළඹීමට ඔවුන් තුළ ධනාත්මක සිතුවිලි ප්‍රතිස්ථාපනය වේ.

  6. Love nature says:

    “සිංහලයන්ට විස මත්පැන් බොන්ට දී සිංහලයන් නැති කරන සුද්දා අපේ පරම්පරා සතුරන් ලෙස මම සලකමි.”

    ධර්මපාලතුමාගේ ශ්‍රේෂ්ඨ කියමන්.

  7. Love nature says:

    ලංකාවේ අවුරුදු විස්සක් පමණ වාසය කළ රොබට් නොක්ස් තුමා කීවේ මෙසේ ය. “සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුනට ම වඩා යහපත් අය වෙති. ඔවුහු අන් හැම මිනිසුනට ම වඩා භාග්‍ය සම්පන්න ද වෙති. ඔවුහු මධුර කථා ඇති ආචාරශීලී මනුෂ්‍යයෝ ය.

    සිංහලයන්ගේ ගුණ ධර්ම සැකෙවින් වර්ණනා කරත හොත් මෙසේ ය. ඔවුන්ගේ ගමන් ලීලාව ද, හැසිරීම ද ඉතා උදාර ය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්‍ෂණ ඥානයක් සිංහලයනට ඇත්තේ ය. ඔවුහු ස්වභාවයෙන් මස් කෑමත්, මත් පැන් බීමත් අප්‍රිය කරති. ඔවුහු කිපෙනසුලු නො වෙති. කෝපයක් ඇති වුව ද එය වහා සංසිඳවා ගෙන සමඟි වෙති. සිංහලයෝ ඇඳුමෙන් පිරිසිදු ය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කරති, වැඩි වේලා නො නිදති. සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීත ය. ගමන් ලීලාව ද ඉතා සංවර ය. සිංහල ස්ත්‍රීහු අරපරෙස්සමෙහි ඉතා දක්‍ෂ වෙති. ස්වාමි පුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශ‍යින් ම විශ්වාස කෙරෙති. සිංහල ස්වාමි දුව කොතරම් මහේශාඛ්‍ය වුවත් කොතරම් දැසි දසුන් සිටියත් සියතින් ම ගෙදර සියලු කටයුතු කරති.

    සිංහලයෝ උදේ සවස පිළිම වහන්සේ ඉදිරියෙහි මල් පූජා කෙරෙති. නවගුණ වැල් අතින් ගෙන නිතර භාවනාවෙහි යෙදෙති. සොරකම අතිශයින් ම පිළිකුල් කොට සලකති. කිසි ම සිංහලයකු කවදාවත් සොරකමක් කළ බවක් මම නො දනිමි. සිංහලයෝ කරුණා කෙරෙති. පරහට උපකාර කෙරෙති. ආගන්තුකයනට දයාවෙන් සංග්‍රහ කෙරෙති. සිංහලයන් ළඟ මේ ගුණ ධර්ම ඇති බව අත්දැකීමෙන් ම දනිමි.

    සිංහලයන්ගේ භාෂාව ද සිංහලයන් මෙන් ම පොහොසත් ය. එය මටසිලිටි ය. සුමධුර ය අලංකාර ය. සිංහලයෝ චතුර කථිකයෝ ය. සිංහල ද්වීපයෙහි එක ම සිංහල හිඟන්නෙක් වත් නැත.”

    මේ කරුණු හොඳින් සලකා බලා බෞද්ධ පරිසරයකට ඇති බාධා දුරු කොට උපකාරක ධර්ම ළඟා කොට බෞද්ධ පරිසරයක් ඇති කිරීමට හැම බෞද්ධයකු ම උත්සාහ දැරිය යුතු ය. එ‍‍සේ කිරීමට නම් ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා හා ලංකාවේ දුටුගැමුණු රජතුමා ආදී‍න් මෙන් නිර්මල බුද්ධ ධර්මය රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර විය යුතු ය.

Main News